පෙත්ත සුදු වෙන්නත් ඕනෑ රවුම් වෙන්නත් ඕනෑ

පෙත්ත සුදු වෙන්නත් ඕනෑ රවුම් වෙන්නත් ඕනෑ

May 12, 2013   08:07 pm

පැරසිටමෝල් අලෙවි කිරීමේදී ඒවා සුදු පැහැයෙන් හා රවුම් හැඩයෙන් විය යුතු බවට සති 2ක් ඇතුළත නව නීති හඳුන්වාදෙන බව ජාතික ඖෂධ අධිකාරීය පවසයි.

පැරසිටමෝල් විවිධ පාටින්, රවුම් හැඩයෙන්, කැප්සියුල හැඩයෙන් මේවන විට වෙළඳපොළට නිකුත් කිරීම සිදුවෙයි.

මුදල් පසුපස හඹා යන ඇතැම් ඖෂධ අලෙවිසැල් එසේ විවිධ හැඩයෙන් හා පාටින් යුතු පැරසිටමෝල් අලෙවි කිරීම සිදුකරනු ලබයි.

මේ නිසා රෝගීන්ට ඒ ගැන නිසි අවබෝධයක් නොමැති අතරම වැඩිපුර පැරසිටමෝල් පානය කිරීම අක්මාවට සුදුසු නොවෙයි.

පැරසිටමෝල් වැඩිපුර ගැනීම අක්මාවට හානි වී රෝගීන් මිය යා හැකි තත්ත්වයක් බවද ජාතික ඖෂධ අධිකාරීය පෙන්වාදෙයි.

මේ නිසා අලෙවි කරන පැරසිටමෝල් සුදු පැහැයෙන් මෙන්ම රවුම් හැඩයෙන් යුතු බවට සති 2ක් ඇතුළත නව නීති හඳුන්වාදෙන බව එම අධිකාරිය කියයි.