සහන දෙන්න තාමත් අවසන් එකඟතාවක් නෑ
May 2, 2013 08:17 am
නව විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ගාස්තු අය කිරීමේ ක්‍රියාවලියේ සිදුකරන වෙනස්කම් සම්බන්ධයෙන් අද දිනයේ අවසන් එකඟතාවයකට පැමිණිමට බලාපොරොත්තුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
මෙතෙක් අදාළ ගාස්තු අය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ එකඟතාවයකට පැමිණ නොමැති බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. අප්‍රේල් මස 20 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගනු ලැබිණි.
එහෙත් අදාළ විදුලි ගාස්තු සංශෝධනයට විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල වීමත් සමඟ ඒ පිළිබඳ යළි සළකා බැලීමට රජයේ අවධානය යොමුවිය.
ඒ අනුව ලෝක කම්කරු දිනය නිමිත්තෙන් බොරැල්ල කැම්බල් පිටියේ ඊයේ පැවති රැළියේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිවූ විදුලි ගාස්තුව සම්බන්ධයෙන් සහනයක් ලබා දීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා කියා සිටියේ ඒකක 60ට අඩුවෙන් පරිභෝජනය කරන ගෘහස්ත පාරිභෝගිකයන්ගේ විදුලි බිලෙහි කිසිදු වැඩිවීමක් සිදු නොකරන බවයි.
ඒකක 60 - 180 ත් අතර විදුලිය පරිභෝජනය කරන ගෘහස්ත විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලබාදීමට ද බලාපොරොත්තු වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට අනුව නව විදුලි ගාස්තුව සංශෝධනය වන ආකාරය සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකුගෙන් අද දෙරණ කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ රජය ඉදිරිපත් කරන යෝජනාවලට අනුව එම සංශෝධනයන් පිළිබඳව අද දිනයේ සාකච්ඡා කොට එකඟතාවයකට පැමිණිමට බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත් මෙම සංශෝධනයන් සම්බන්ධයෙන් අද දෙරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති නීතීඥ ජයතිස්ස කොස්තා මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ ලංකා විදුලි බල මණ්ඩලය අදාළ සංශෝධනයන් පිළිබඳ යෝජනා ලබාදුන් විට එය සිදුවන ක්‍රමවේදය සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙතෙක් ඒ පිළිබඳ කිසිදු දැනුම් දීමක් සිදුවී නොමැති බව ද ජයතිස්ස කොස්තා මහතා කියා සිටියේය.
මේ අතර විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂය නඟන චෝදනා පිළිබඳව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැයි රැළියේදී මෙසේ අදහස් පළ කළේය.