ඒකක 60 දක්වා ගාස්තුව වෙනස් නෑ - 180 දක්වාත් සහනයක්
May 1, 2013 06:18 pm
සංශෝධිත විදුලි ගාස්තු වලට අනුව ඒකක 60 දක්වා විදුලි ගාස්තුවේ කිසිදු වෙනසක් නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (01) කැම්බල් පිටියේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින රැළියේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
එසේම ඒකක 180 දක්වා වන විදුලි ගාස්තුව සඳහා ද යම්කිසි සහනයක් ලබාදෙන බවත්,ජනතා ඉල්ලීම් පිළිබඳ සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ කලට වේලාවට විදුලිබලාගාර ඉදිනොකළ බවත්, වත්මන් රජයද එසේ නොකළේනම් ජනතාවට තාමත් පන්දම් පත්තු කරගෙන යායුතු වන බවත් ඔහු පෙන්වා දුන්නේය.
එක්සත් ජාතික පක්ෂය දැන් තැන තැන පන්දම් පත්තුකරමින් එය පෙන්වාදෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල මණ්ඩලය, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඒකාබද්ධව විදුලි ගාස්තු ඉහළ නැංවීමට තීරණය කිරීමත් සමගම රට පුරා ඊට විරෝධය එල්ල විය.
එය රජයට බලපෑමක් එල්ලවන තැනට තල්ලුවෙමින් පැවතියදී ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් එ.ජා.ප මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කියා සිටයේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය බිල්ලට දී ලකුණු දමා ගැනීමට සූදානම්ව සිටින බවයි.
100% න් විදුලි ගාස්තු වැඩිකොට 20% ක් පමණක් විදුලි මිල අඩුකිරීමට පියවර ගැනීමෙන් ප්රශ්නය නොවිසෙඳෙන බවත්, කළ යුත්තේ මෙම විදුලි ගාස්තු වැඩිකිරීමේ සමස්ත යෝජනාවලියම හකුළාගැනීම බවත් මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.