ඩෙංගු මර්දනයට දීපු සල්ලි හරියට පාවිච්චි කරලා නෑ
April 29, 2013 09:48 am
පසුගිය වසරේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ලබාදුන් මුදල් නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට ගෙන නොමැති බව වාර්තා වේ.
රජය විසින් පසුගිය වසරේ දී ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 300 ක මුදලක් ඩෙංගු මර්දන අංශ භාර නිලධාරීන් වෙත ලබා දී තිබේ.
එහෙත් පසුගිය වසර තුළ ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා වැය කර ඇත්තේ රුපියල් මිලියන 27 ක් බව වාර්තා වේ.
පසුගිය වසරේ දී ඩෙංගු රෝගීන් 44,000 ක් පමණ වාර්තා වූ අතර ඩෙංගු මරණ 225 ක් වාර්තා විණි.
මේ ආකාරයට ඩෙංගු රෝගීන් වාර්තා වුවද, ඩෙංගු මර්දන කටයුතු සදහා ලබා දුන් මුදල් නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට නොගැනීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වාදෙයි.
නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව මෙයට හේතු වී ඇති බව ද වෘත්තීය සමිති පවසයි.
මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 10,000 ක් පමණ වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 15 ක් වාර්තා වී තිබේ.
එහෙත් මේ දක්වාත් ඩෙංගු මර්දන වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන කිසිදු නිලධාරියෙකු ඩෙංගු මර්දන වැඩපිළිවෙළ පිළිබඳ කිසිදු යෝජනාවක් රජයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා වේ.