විස්සයි විස්සේ ප්‍රවේශ පත්‍ර තාමත් විකිණෙයි

October 4, 2012   12:07 am

20 - 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වට තරග දෙකට අදාළව ප්‍රවේශ ප්‍රත්‍ර 3,314 ක් හා 5,107 ක් තවදුරටත් මිලදී ගත හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

ඒ අනුව එකී ප්‍රවේශ පත්‍ර කොළඹ,තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පෙ.ව 9.00 සිට මිලදී ගත හැකි බව ඔවුන් නිවේදනය කරයි.

එසේම අවසන් තරගයේ ප්‍රවේශපත්‍රද එළඹෙන සෙනසුරාදා දිනයේ අදාළ ස්ථානයෙන්ම මිලදී ගත හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් කියා සිටියි.