සුමින්ද වීරසිංහ අභාවප්‍රාප්ත වෙයි

June 19, 2012   09:40 am

ප්‍රවීණ චිත්‍රපට කැමරා ශිල්පී සුමින්ද වීරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද(19) අලුයම රෝහල වෙත ගෙන එන විට ද ඔහු මියගොස් ඇති බව අනුරාධපුර රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සුමින්ද වීරසිංහ මහතා අනුරාධපුර ප්‍රදේශයේ චිත්‍රපටයක රූගත කිරීම් සඳහා ගොස් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

1984 වසරේ අරුණට පෙර චිත්‍රපටයේ ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස කටයුතු කළ සුමින්ද වීරසිංහ මහතා චිත්‍රපට 11 ක ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස කටයුතු කර ඇත.

චිත්‍රපට 39 ට අධික සංඛ්‍යාවකට දායක වී ඇති ඔහු ජාතික සම්මාන 23 ක් හිමිකරගෙන තිබීම විශේෂත්වයකි.

ඒ අතර අරුණට පෙර, සිහින දේශයෙන්, දැහැන, පවුරු වළලු යන චිත්‍රපට හතර සඳහා ජනාධිපති සම්මාන ද හිමිකරගෙන තිබේ.

ඊට අමතරව ජනප්‍රිය චිත්‍රපට වූ ගිනි අවි සහ ගිනි කෙළි, කිණිහිරියා මල්, අලිමංකඩ යන චිත්‍රපටවල ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස සුමින්ද වීරසිංහ මහතා කටයුතු කර ඇත.