header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ලක්ෂ ගණනක ස්මාර්ට් ‍‍ෆෝන් සොරාගත් පිරිවෙන් සිසුන් දෙදෙනෙකු මාට්ටු
Jul 18, 202610:50 AM
ලක්ෂ ගණනක ස්මාර්ට් ‍‍ෆෝන් සොරාගත් පිරිවෙන් සිසුන් දෙදෙනෙකු මාට්ටු
Mobitel 1278

ජංගම දුරකතන අලෙවිසැළක ඉදිරිපස වීදුරුව බිඳදමා රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් ස්මාර්ට් ජංගම දුරකතන සහ මුදල් සොරාගැනීමේ සිද්ධියට සම්බන්ධ පිරිවෙන් සිසුන් දෙදෙනෙකු එප්පාවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය විසින් ඊයේ (17) දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ඉකුත් 4 වැනිදා අලුයම එප්පාවල නගරයේ බස් නැවතුම්පොළ අසල තිබූ දුරකතන අලෙවිසැලකින් මෙම සොරකර සිදුකර ඇති බවය.

සැකකරුවන් එප්පාවල, ඇඳගල, ප්‍රෙද්ශයේ පිරිවවෙනක නේවාසිකව අධ්‍යාපනය හදාරන වයස අවුරුදු 14ක් වන, තලාව නබඩවැව සහ එප්පාවල රොටවැව ප්‍රදේශවල පදිංචි පිරිවෙන් සිසුන් දෙදෙනෙකු බව සඳහන් වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු අදාළ දුරකතනවල EMI අංක හා දුරකතන සංඥා ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

සොරකම සිදුවන අවස්ථාවේ වෙළඳසැලේ සවිකර තිබූ CCTV කැමරා දර්ශන මෙන්ම තඹුත්තේගම පොලිස් කොට්ඨාශයේ නිල සුනඛ'ජොනී' ඇතුළු නිලධාරීන්ගේ සහ ඇඟිලි සලකුණු අංශයේ සහය ඇතිව සිදුකල විමර්ශන ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 06ක් සහ රුපියල් 5000ක මුදලක් සොයාගෙන ඇත.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකාර සිසුවෙකු දින කිහිපයකට ප්‍රථම අදාළ වෙළඳසැලට පැමිණ, නවීන ජංගම දුරකථනයක කිහිපයක මිළ ගණන් විමසා ඇති බවය.

පසුව ජංගම දුරකථනයක් මිලදීගෙන දෙන ලෙස සිය පියාගෙන් ඉල්ලා ඇති අතර, පියා ඊට අකමැත්ත පල කර ඇති බව සඳහන් වේ.

ඉන් කෝපයට පත් මෙම සිසුවා තවත් මිතුරෙකු සමග පැමිණ ජංගම දුරකතන සොරාගෙන ඇත.

පසුව සොරාගත් ජංගම දුරකතන වලින් දුරකතන දෙකක් තම පාවිච්චියට තබා ගෙන, අනෙක් නවීන ජංගම දුරකථන පිරිවෙනේ හිමිනමකට හා පියාට මෙන්ම තවත් සිසුන් කීපදෙනෙකුට ලබා දී ඇත.

අනතුරුව මෙම සිසුන් විසින් සොරාගත් ජංගම දුරකතනයකට විහාරස්ථානයේ හිමිනමකට අයත් සිම්පතක් යොදා භාවිත කර ඇති බව ඇති බව සඳහන් වේ.

ඒ අනුව සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී ඇත.

මොවුන් ජංගම දුරකතන භාවිතාකර ඔන්ලයින් ක්‍රීඩාවක් සිදුකර ඇති අතර, එම ක්‍රීඩාවට ඇබ්බැහි වීම හේතුවෙන් මෙම සොරකම සිදු කරන්නට ඇති බවට පොලීසිය සැකපල කරයි.

අත්අඩංගුවට ගත් සැකකාර බාලවයස්කරුවන් දෙදෙනා සහ සොරාගත් ජංගම දුරකතන අද (18) දින තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එප්පාවල පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..