header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රඛිත-චරිත් හරක්කටාගෙන් ගත්තු ලක්ෂ 1,200න් කොටසක් හිමිනමක් ලවා පොලිසියේ ලොක්කන්ට දීලා?
Jul 17, 202607:55 PM
රඛිත-චරිත් හරක්කටාගෙන් ගත්තු ලක්ෂ 1,200න් කොටසක් හිමිනමක් ලවා පොලිසියේ ලොක්කන්ට දීලා?
Mobitel 1278

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික හරක්කටාගේ බිරිඳගෙන් අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 1,200ක මුදලින් කොටසක් හිමිනමක් ලවා ඉහළ පොලිස් නිලධාරින්ට ලබාදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (17) දැනුම් දුනි.

ඒ අදාළ අල්ලස් ලබාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ අරුණ වරුෂහැන්නදිගේ යන සැකකරුවන්ට එරෙහි නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.

ඉදිරිපත්වූ කරුණු සලකාබැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තිදෙනා ජූලි 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මෙරට ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හැඳින්වෙන 'නඳුන් චින්තක' හෙවත් 'හරක්කටා' නැමැත්තා රැඳවුම් භාරයේ සිටියදී සහන සැලසීමට රුපියල් ලක්ෂ 1200ක අල්ලස් මුදලක් ලබාගත්තේ යැයි හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්නදිගේ යන සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇති නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙලෙස යළි කැඳවා තිබුණි.

මෙහිදී විමර්ශනයට අදාළව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්දප්පෙරුම කියා සිටියේ, ප්‍රශ්නගත සිදුවීම සම්බන්ධයෙන් නදුන් චින්තක හෙවත් හරක්කටාගේ බිරිඳ වන මහේෂිකා මධුවන්ති නැමැත්තිය ලබාදුන් ප්‍රකාශයක් මේ වනවිට විමර්ශන නිලධාරින්ට ලැබී ඇති බවය.

"ස්වාමිනි, පසුගිය නඩුවාරයේ මා අධිකරණයට සඳහන් කළා ප්‍රශ්නගත අල්ලස් මුදල මෙම සැකකරුවන්ට ලබාදුන්නේ යැයි කියන නදුන් චින්තක හෙවත් හරක්කටාගේ බිරිඳ වන මහේෂිකා මධුවන්ති නැමැත්තියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා කියලා. ඒ අනුව මහේෂිකා මධුවන්ති නැමැත්තිය මේ සිදුවීම සම්බන්ධයෙන් ඇයට කියන්න තියෙන සියලු කාරණා සඳහන් කරලා කරපු වීඩියෝ ප්‍රකාශයක් ඇතුළත් CD තැටියක් මේ වෙද්දි අපිට ලබාදී තිබෙනවා. ඒ වගේම අදාළ අල්ලස් මුදල ලබාදීමෙන් පසු එහි අරමුණු ඉටු නොවීම නිසා ඒ පිළිබඳ විමසීම් කරලා මේ සැකකරුවන් සමඟ සිදුකළ දුරකථන සංවාද පටිගත කර ඇති දුරකථනයද මේ වෙද්දි විමර්ශන නිලධාරින් භාරයට ගෙන තිබෙනවා."

"මේ අල්ලස් ලබාගැනීමේ සිදුවීමට අදාළව නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නැමැත්තා මුලින් ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වුණා මේ පළමු සැකකාර චරිත් අබේසිංහ අල්ලස් මුදල පිළිබඳ කතා කරගැනීමට දුන් දුරකථන ඇමතුම ඉන්දියාවේ සිට ලබාගත් බවත්, එම අවස්ථාවේ අනිත් සැකකරුවන් දෙදෙනාද ඔහු සමඟ සිටින බව චරිත් අබේසිංහ පැවසූ බව."

"ඒ අනුව ඒ පිළිබඳ සිදුකළ විමර්ශනයේදී අනාවරණය වුණා මෙම සැකකරුවන් තිදෙනා 2023 වසරේ මාර්තු මස 03 වනදා එකම ගුවන් යානයකින් ඉන්දියාවට ගිහිල්ලා නැවත තිදෙනාම එකට 2023 මාර්තු 07 වනදා දිවයිනට පැමිණ ඇති බව. එමෙන්ම හර්බි නැමැත්තා සහ මෙම සැකකරුවන් තිදෙනාගේ දුරක:න වාර්තා විශ්ලේෂණය කරපුවාම තහවුරු වුණා හර්බි නැමැත්තා කියන කතාව සත්‍යය බව."

මෙහිදී විමර්ශනයේදී අනාවරණය වූ සැකකරුවන්ගේ දුරකථන සම්බන්ධතා සහ සැකකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ හිමිනමක් පිළිබඳවද අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව අධිකරණයට කරුණු වාර්තා කළේය.

"ස්වාමිනි, මේ සිද්ධියට අදාළව නම් කියවුණු අය අතර පමණක් දුරකථන ඇමතුම් 1,300කට අධික ප්‍රමාණයක් හුවමාරු වී ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඒ වගේම මේ අල්ලස් ලබාගැනීමේ සිදුවීමට ඉහළ පොලිස් නිලධාරින් සම්බන්ධ බවට නම් කියවුණා."

"අල්ලස් ලෙස ලබාගත් මුදලින් යම් කොටසක් මෙම සැකකරුවන්ට සම්බන්ධ හිමිනමක් හරහා ඉහළ පොලිස් නිලධාරින්ට ගොස් ඇති බවට දැනට තොරතුරු ලැබී තිබෙනවා. අදාළ හිමිනම කවුදැයි මේ වනවිට අනාවරණය වී තිබෙනවා. ඒ පිළිබඳ කරුණු තහවුරු කරගැනීමෙන් පසු ඉදිරි දිනයේ අධිකරණයට කරුණු වාර්තා කරන්නම්."

"ඒ වගේම මේ සැකකරුවන් තිදෙනාට එරෙහිව තවත් අල්ලස් ලබාගැනීමක් පිළිබඳ පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබී තිබෙනවා. ඒ පිළිබඳවත් මේ වෙද්දි විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා."

අනතුරුව සැකකාර චරිත් අබේසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා ඇප අයැදුමක් සිදුකළේය.

"ස්වාමිනි දූෂණ විරෝධී පනතේ 149(1) වගන්තිය ප්‍රකාර සහතිකයක් ඉදිරිපත් කරන අල්ලස් නඩුවක නඩු භාණ්ඩ ලෙස අල්ලස් ලෙස ලබාගත් මුදල අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම අල්ලස් මුදල ලබාගද්දි අත්අඩංගුවට ගැනීම සිදුවෙලා තියෙන්නත් ඕනේ."

"නමුත් මෙහිදී එවැන්නක් ඉදිරිපත් වී නැහැ. ඒ වගේම මේ නඩුවේ සාක්ෂිකරුවන් ලෙස සිටින්නන් සියල්ල මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නම් කියවෙන අය. මේවා ස්වාධීන සාක්ෂි ලෙස සලකන්න බැහැ. මගේ සේවාදායකයාගේ වයස අවුරුදු 2 1/2ක් වූ තුන් නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙකු මේ වෙද්දි පියා නොදැකීම නිසා කතා නොකරන තත්ත්වයක පත්වෙලා. ඒ වගේම එම වයසේ දරුවන් තිදෙනෙක් එකට බලාගැනීම මවට විශාල ගැටලුවක්."

"ඒ වගේම මොහුට තියෙන හෘදයාබාධ රෝගී තත්ත්වයට දෛනිකව ප්‍රතිකාර ලබා නොගතහොත් ඔහුගේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන්. මේ සියලු කරුණු සුවිශේෂි කරුණු ලෙස සලකා මාගේ සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා."

එසේම සැකකාර නීතිඥ රඛිත රාජපක්ෂ වෙනුවෙන්ද ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා ඇප අයැදුමක් සිදුකළේය.

"ස්වාමිනි, එක්තරා ජනාධිපති නීතිඥයෙක් රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී කියලා තියෙනවා.මගේ සේවාදායකයාගේ පියා විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා ලෙස මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ නෛතික සංශෝධන නිසා තමයි මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් විශාල පිරිසක් එළියට එන්න බැරුව ඇතුළේ ඉන්නේ කියලා. ඒ කියන්නේ ස්වාමිනි ඔවුන් මගේ සේවාදායකයා සම්බන්ධයෙන් වෛරයෙන් පසුවන්නේ."

"එබැවින් මොහුට බන්ධනාගාරය ඇතුළේ ජීවිත තර්ජනයක් තියෙනවා. මීළඟ කාරණය තමයි මගේ සේවාදායකයා අධික ලෙස sleep apnea රෝගයෙන් පීඩා විදිනවා. රාත්‍රී කාලයේදී ඔක්සිජන් ලෙවල් එක ඉතාම අඩු මට්ටමකට බහිනවා. කාබන්ඩයොක්සයිඩ් ලෙවල් එක ඉතාම ඉහළට නගිනවා. එකවර හුස්ම නතරවෙනවා. හුස්ම නැවතුනාම ආයේ එන්නේ නැතිවෙන්න පුළුවන්."

"මේ නිසා ඔහු CPAP මැෂින් එකක් දෛනිකව රෑට භාවිත කරනවා. බන්ධනාගාරය තුළදී එය භාවිත කිරීමේ හැකියාවක් ඔහුට නැහැ. දීර්ඝ කාලීනව ප්‍රතිකාර නොලැබුනහොත් මොහු හෘදයාබාධයකට හෝ ආඝාදයට ගොදුරු වෙන්න පුළුවන්. මේ විමර්ශනය කෙළවරට ඇවිල්ලා තියෙන නිසා තවදුරටත් මොහුව රක්ෂිත බන්ධනාගාරගත කරගෙන කරන්න විමර්ශනයක් ඉතිරි වී නැහැ. එබැවින් මේ සියල්ල සුවිශේෂි කරුණු ලෙස සලකා මගේ සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා."

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සැකකරුවන් සම්බන්ධයෙන් වන ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ජුලි මස 28 වනදා ලබාදීමට දින නියම කර සැකකරුවන් තිදෙනාම එතෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..