header logo
SLIC
උණුසුම් පුවත්
පාසල් සිසුවෙකුට තර්ජනය කර සිදුකළ මත්ද්‍රව‍්‍ය ජාවාරමක් නීතියේ රැහැනට
Jul 16, 202610:17 PM
පාසල් සිසුවෙකුට තර්ජනය කර සිදුකළ මත්ද්‍රව‍්‍ය ජාවාරමක් නීතියේ රැහැනට
Mobitel 1278

17 හැවිරිදි පාසල් සිසුවෙකුට මරණීය තර්ජන එල්ල කරමින්, ඔහු ලවා මෙහෙයවූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට වෙරළබඩ පොලිසිය සමත්ව තිබේ.

මෙහිදී පොලිසිය විසින් සැකකාර පාසල් සිසුවා සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් ග්‍රෑම් 120ක් සහ ජාවාරමෙන් උපයන ලද රුපියල් ලක්ෂ 18කට අධික මුදලක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.

කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව පිහිටුවන ලද පොලිස් සංග්‍රාමික යතුරුපැදි ඒකකය සහ වෙරළබඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපේක්ෂ කලංසූරිය මහතා ඇතුළු කණ්ඩායමක් නව හෙට්ටිවීදිය ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි අවස්ථාවේදි සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි මෙම සිසුවා පරික්ෂා කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

ඔහු සන්තකයේ තිබූ ඉටි බෑගයක් පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබූ විශාල මුදල් නෝට්ටු තොගයක් හමුවීමත් සමග ඇති වූ දැඩි සැකය මත සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබීය.

පසුව සිදුකළ සිරුර සෝදිසි කිරීමේදී, ඔහු ඇඳ සිටි යට ඇඳුමේ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සිසුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙතෙක් අනාවරණය නොවූ සංවේදී තොරතුරු රැසක් හෙළි වී තිබේ.

සැකකාර සිසුවාගේ මවුපියන් දෙදෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ආපනශාලාවක් පවත්වාගෙන යන අතර, නිවසේ රැඳී සිටින්නේ ඔහු සහ ඔහුගේ බාල නැඟණිය පමණි.

මීට මාස කිහිපයකට ඉහතදී පාසල් ගොස් නිවස බලා පැමිණෙමින් සිටි මෙම සිසුවා ඉදිරියට පැමිණි නාඳුනන පුද්ගලයකු, සිසුවාට මරණීය තර්ජන කර තිබේ.

පසුව සිසුවාගේ ජංගම දුරකථන අංකය ලබාගෙන ඇති එම පුද්ගලයා, ඔහුට පාර්සලයක් ලබාදී එය නිවසේ සඟවා තබන ලෙස බලකර ඇත.

දුරකථන ඇමතුම් මඟින් ලැබෙන උපදෙස් පරිදි අදාළ පාර්සල් මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස් සහ පෑලියගොඩ ආදී ප්‍රදේශවලට රැගෙන යන ලෙස සිසුවාට නියෝග ලැබී ඇත.

මරණ බිය හේතුවෙන් තමන් කිසිදු දිනක එම පාර්සල් විවෘත කර නොබැලූ බව සිසුවා පොලිසිය හමුවේ පවසා තිබේ.

මෙම ප්‍රවාහන කටයුතු වෙනුවෙන් ජාවාරම්කරුවන් විසින් සිසුවාට වරින් වර විවිධ මුදල් ප්‍රමාණයන් ලබා දී ඇත. එම මුදල් වැය කරමින් තමන් කොත්තු රොටි වැනි ආහාර වර්ග මිලදී ගෙන අනුභව කළ බව සිසුවා ප්‍රකාශ කර ඇත.

පොලිස් භාරයට ගත් මුදල් බෑගය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ, කාන්තාවන් දෙදෙනෙකු විසින් එම මුදල් බෑගය සිසුවා වෙත ලබාදී, ඒ තුළ තිබූ මත්ද්‍රව්‍ය පැකට්ටුව ශරීරයේ සඟවාගෙන යන ලෙස උපදෙස් දුන් බවය.

මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්ව ඇත්තේ අධ්‍යාපනයට දක්ෂ සිසුවෙකි. ඔහු අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ‘ඒ’ (A) සාමාර්ථයක් සහ ‘බී’ (B) සාමාර්ථ දෙකක් ඇතුළුව විභාගය සමත් වූ අයෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකාර සිසුවා වෙරළබඩ, විවේකානන්ද මාවතේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි