header logo
SLIC
උණුසුම් පුවත්
ප්ලාස්ටික්වලින් තොර පුදබිමක් - 2030 වැඩසටහන කතරගමෙන් ඇරඹේ
Jul 16, 202608:03 PM
ප්ලාස්ටික්වලින් තොර පුදබිමක් - 2030 වැඩසටහන කතරගමෙන් ඇරඹේ
Mobitel 1278

රුහුණු මහා කතරගම දේවාලයේ 2026 පෙරහැර මංගල්‍යයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරිය "ප්ලාස්ටික්වලින් තොර පුදබිමක් - 2030" (Plastic Free Sacred Zone - 2030) වැඩසටහන ආරම්භ කර තිබේ.

වසර පහක කාලයක් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන යටතේ 2030 වන විට කතරගම පූජා නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආශ්‍රිත ප්‍රදේශය ප්ලාස්ටික්වලින් තොර කලාපයක් බවට පත් කිරීම ඉලක්ක කරගෙන ඇත.

කතරගමට වසර පුරාම විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අතර, පෙරහැර සමයේ එම සංඛ්‍යාව ලක්ෂ ගණනක් දක්වා ඉහළ යයි. ඒ අනුව, පූජා භූමිය පුරා පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

බැතිමතුන්, ප්‍රදේශවාසීන් සහ වෙළෙඳුන් දැනුවත් කිරීම, තහනම් පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය වැළැක්වීම සඳහා වැටලීම් වැඩිදියුණු කිරීම, පූජා කටයුතු සඳහා පරිසර හිතකාමී විකල්ප හඳුන්වාදීම සහ කසළ කළමනාකරණය සඳහා නව ක්‍රමවේද හඳුන්වාදීම ඇතුළු වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාත්මක කෙරේ.

මෙම ව්‍යාපෘතිය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක සහයෝගය ලබාගැනීමට ද පියවර ගෙන තිබේ.

මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ, මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතියක් පසුගිය වසර දෙක තුළ ක්‍රියාත්මක කළ අතර, එමඟින් ප්ලාස්ටික් මල්මාලා වෙනුවට ස්වාභාවික මල්මාලා හඳුන්වාදීම, පරිසර හිතකාමී මලු භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ කසළ ප්‍රතිචක්‍රීකරණය ඉහළ නැංවීම ඇතුළු සාර්ථක ප්‍රතිඵල රැසක් ලබාගැනීමට හැකි වූ බවයි.

අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් කතරගම පූජා භූමිය සහ මැණික් ගඟ ඇතුළු පරිසරයට සිදුවන හානිය අවම කරමින් පරිසර සංරක්ෂණය ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි