header logo
SLIC
උණුසුම් පුවත්
මීගමුව බන්ධනාගාරයේ CCTVවල DVR දෘඩ තැටි මොරටුව සරසවියේ පරිගණක වෝහාරික විද්‍යාගාරයට
Jul 16, 202607:13 PM
මීගමුව බන්ධනාගාරයේ CCTVවල DVR දෘඩ තැටි මොරටුව සරසවියේ පරිගණක වෝහාරික විද්‍යාගාරයට
Mobitel 1278

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයට අදාළ නීති කෘත්‍යය මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ අද (16) යළි කැඳවූ බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.

එහිදී සිදුකෙරෙමින් පවතින විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ තිබූ CCTV වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයටගත් DVR දෘඩ තැටි 02ක් අධිකරණ නියෝග ප්‍රකාරව වාර්තාවක් ලබාගැනීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක වෝහාරික විද්‍යාගාරයට යොමු කළ බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුනි.

ඔවුන් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේ විමර්ශනයට අදාළ අපරාධ ස්ථානය වූ මීගමුව බන්ධනාගාරය මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ඩ්‍රෝන තාක්ෂණය උපයෝගි කරගනිමින් සිතියම්ගත කළ බවය.

එසේම නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන, මියගිය එක් රැඳවියෙක්ට අදාළ ලේ සාම්පල සහ ඇඳුම්ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලාසිටියේය.

අනතුරුව නොසන්සුන්තාවය අතරතුර මියගිය රැඳවියන් තිදෙනෙකුගේ මරණ වලට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණ සඳහා සාක්ෂි ලබාගැනීම සිදුවුවාය.

එහිදී එක් රැඳවියෙකුගේ ඥාතියෙකු "මෙම සිද්ධියෙන් මීගමුව බන්ධනාගාරයේ සිටී මගේ නංගිගේ පුතා මියගියා. ඔහුට වයස අවුරුදු 31යි. ඔහු මත්ද්‍රව්‍ය භාවිත කරනවා. පසුගිය වසරේ ජුනි 12 වැනිදා පොලිසියෙන් නිවසට ඇවිල්ලා තමයි ඔහුව අත්අඩංගුවට ගත්තේ. එතැන්පටන් ඔහු සිටියේ මීගමුව බන්ධනාගාරයේ. මෙම සිද්ධියෙන් පස්සේ පසුගිය 12 වැනිදා මීගමුව රෝහලේදී අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ මෘත ශරීරය හඳුනාගැනීම සිද්ධ කළා. පසුව 13 වැනිදා කෙසෙල්වත්ත පොදු සුසානභූමියේදී භූමිදානය කළා. මට වෙන කියන්න කිසිවක් නැහැ. එයා වැරදි කරන හින්දානේ අත්අඩංගුවට ගත්තේ. එපමණයි. " යනුවෙන් පැවසුවේය.

මියගිය තවත් රැඳවියෙකුගේ මවක සාක්ෂි ලබාදෙමින්, "මගේ ලොකු පුතාත් මේ සිද්ධියේදී මියගියා. ඔහු විවාහවෙලා පසුව වෙන්වෙලා හිටියේ. කුඩුවලට වරෙන්තුවෙලා තිබ්බ නඩු 03කට අදාළව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඔහු බන්ධනාගාරගත වුණා. මේ සිද්ධියෙන් පස්සේ මම 11 වැනිදා මීගමුව රෝහලට ගියාම පළමුවෙන් මට ඡායාරූප කිහියක් පෙන්නුවා. එතන ඉස්සෙල්ලාම තිබුණේ පුතාගේ photo එක. පසුව මෘත ශරීරාගාරයේදීත් මම පුතාගේ මෘත ශරීරය හඳුනාගත්තා. 13 වැනිදා කහටවිල පොදු සුසානභූමියේදී අවසන් කටයුතු සිද්ධ කළා. ඇතුළේදී මෙයා රණ්ඩුවුණ නිසා මෙයාට මේක වුණා කියලයි මට හිතෙන්නේ." යනුවෙන් පැවසුවාය.

අනතුරුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය රැඳවියෙක් සහ නිලධාරීන් 02කුගේ මරණයන් සම්බන්ධයෙන් කෙටි මරණ පරීක්ෂණ වාර්තා විමර්ශන නිලධාරීන් විසින් මහේස්ත්‍රාත්වරියට භාරදුනි.

පසුව සෙසු මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවීමට සහ විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කිරීමට නඩුව ජුලි 23 වැනිදා දක්වා කල්තැබුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි