header logo
SLIC
උණුසුම් පුවත්
දිවයිනේ නාගරික සහ ජාත්‍යන්තර පාසල් අවට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඉහළට
Jul 16, 202606:20 PM
දිවයිනේ නාගරික සහ ජාත්‍යන්තර පාසල් අවට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඉහළට
Mobitel 1278

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම නාගරික පාසල් සහ ජාත්‍යන්තර පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බව පොලිසිය පවසයි.

කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා ප්‍රකාශ කළේ, විශේෂයෙන්ම බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පාසල් ළමුන් අත්අඩංගුවට ගැනීම් සහ පාසල් අවට මත්ද්‍රව්‍ය පැතිරීම විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවය.

මේ වන විට ශ්‍රී ලංකා පොලීසිය විසින් ප්‍රජා පොලිස් නිලධාරීන් සහ සිවිල් බුද්ධි නිලධාරීන් යොදවා පාසල් අවට මත්ද්‍රව්‍ය වෙළඳාමේ නිරත වන සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සූදානම් කරමින් පවතින බවද ඒ මහතා පැවසීය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ "රටම එකට" ජාතික මෙහෙයුම යටතේ මේ වන විට වයස අවුරුදු 21ට අඩු පුද්ගලයින් 8,459 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර පාසල් යන සහ නොයන වයස අවුරුදු 21ට අඩු ගැහැනු දරුවන් 161දෙනෙකු ද සිටින බවය.

විශේෂයෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන දරුවන්, නාගරික ප්‍රදේශවල අනාරක්ෂිත පවුල්වල දරුවන් මෙන්ම දෙමව්පියන් මත්ද්‍රව්‍යවලට හුරු වී සිටීම හෝ විදේශගත වීම වැනි හේතු නිසා ළමුන් විශාල වශයෙන් මත්ද්‍රව්‍යවලට ගොදුරු වී ඇති බවද ඒ මහතා සඳහන් කර සිටියේය.

නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා වැඩිදුරටත් පැවසුවේ මෙලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින දරුවන් පුනරුත්ථාපනයට යොමු කිරීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා,

"විශාල වශයෙන්ම බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන වැඩි වශයෙන්ම පාසල් ළමුන් අත්අඩංගුවට ගැනීම් සහ පාසල් අවට මත්ද්‍රව්‍ය පැතිරීම් වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර පාසල් අවට මත්ද්‍රව්‍ය වෙළඳාම, නැත්නම් මත්ද්‍රව්‍ය ඇබ්බැහි වෙච්චි ප්‍රමාණය ජාත්‍යන්තර පාසල්වල වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම සෑම දිස්ත්‍රික්කයකම නාගරික පාසල් අවට විශාල වශයෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ වන විට ශ්‍රී ලංකා පොලීසිය වශයෙන් ප්‍රජා පොලිස් නිලධාරීන් සහ සිවිල් බුද්ධි නිලධාරීන් දාලා ඒ අවට වෙළඳාම් කරන සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය, නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබෙනවා."

"පාසල් ආශ්‍රිතව ගත්තහම විශාල වශයෙන්ම පාසල් අවුරුදු 21ට අඩු ළමුන් විශාල ප්‍රමාණයක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ළමුන් ගත්තහම 8,459 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.. මේ ඔක්තෝබර් 30 ආරම්භ කරන ලද රටම එකට ජාතික මෙහෙයුමත් එක්කම. මේකෙ කියන්න ඕන ගැහැනු දරුවන් 161ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා අවුරුදු 21 ට අඩු. සමහරක් වෙලාවට පාසල් යන වෙන්නත් පුළුවන් නැත්නම් පාසල් නොයන වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ, ළමුන් අසමත් වුණොත් විශාල වශයෙන්ම මේ මත්ද්‍රව්‍යවලට පෙළඹීමක් දැකගත හැකියි. නාගරික ප්‍රදේශවල අනාරක්ෂිත පවුල්, ඒත් එක්කම දෙමව්පියන් මත්ද්‍රව්‍යවලට හුරුවෙලා තිබීම, නැත්නම් දෙමව්පියන් විදේශගත වීම වැනි කාරණා හේතු කරගෙන ළමුන් විශාල ප්‍රමාණයක් මේ වන විට මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙලා තිබෙනවා. ඒ ළමුන් මේ වන විට පුනරුත්ථාපනයට යොමු කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සිදු කිරීමට කටයුතු කරගෙන යනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි