
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පවත්වා තිබේ.
සම්ප්‍රදායානුකූලව පැවති මෙම නිල හමුවේදී, නාවික හමුදාපති ලෙස පත්වීම නිමිත්තෙන් අග්‍රාමාත්‍යවරිය විසින් ඔහුට සිය සුභාශිංසන පළ කළාය.
අනතුරුව, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ රටේ සමුද්‍රීය ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉටුකරනු ලබන කාර්යභාරය පිළිබඳව දෙපාර්ශ්වය අතර සුහද හා ඵලදායී අදහස් හුවමාරුවක් ද සිදු විය.
තවද, මෙම නිල හමුවීම සනිටුහන් කරමින්, නාවික හමුදාපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරිය වෙත සමරු තිළිණයක් පිළිගන්වන ලදී.

















































