
දිවයින හරහා පවතින සක්‍රිය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක තද සුළං තත්ත්වයක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40ක 50ක පමණ තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටියේ සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද පැයට කිලෝ මීටර් 50ක් 60ක් දක්වා ඉහළ යා හැකි බව ද සඳහන් වේ.
අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ හැකියාව පවතින බැවින් ඒ පිළිබද අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.

















































