
කල්මුණේ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මරුතමුනෙයි ඉන්ධන පිරවුම්හල අසල අද (16) සිදු වූ රිය අනතුරකින් 36 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කල්මුණේ සිට මඩකලපුව දක්වා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම පුද්ගලයා කතරගම දෙසට ගමන් කළ බස් රථයක ගැටීමෙන් අදාළ අනතුර සිදු වූ බව පොලීසිය සඳහන් කළේය.
අනතුරින් මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර මේ වනවිට කල්මුනේ මූලික රෝහලේ තැන්පත් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් පෙරියනිලාවෙනි පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

















































