header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
වැලිකඩ යන්න නොදීම ගැන මානව හිමිකම් කොමිසම දැඩි කනස්සල්ලෙන්
Jul 16, 202612:15 PM
වැලිකඩ යන්න නොදීම ගැන මානව හිමිකම් කොමිසම දැඩි කනස්සල්ලෙන්
Mobitel 1278

වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම සඳහා ගිය තම නිලධාරීන්ට බන්ධනාගාරය තුළට ඇතුළු වීමට අවසර නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය දැඩි කනස්සල්ල සහ විරෝධය පළ කර තිබේ.

පසුගිය ජූලි 7 වෙනිදා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම සඳහා ගොස් ඇති නමුත් බන්ධනාගාරය තුළට ඇතුළු වීමට අවසර ලැබී නැත.

පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම අවස්ථාවක රැඳවුම් භාරයේ පසුවන ස්ථාන වෙත ඇතුළු වීමට කොමිසමට බලය පවරා ඇති 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත, බන්ධනාගාර බලධාරීන් විසින් මෙලෙස උල්ලංඝනය කර ඇති බව කොමිසම පෙන්වා දෙයි.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියා 14 වෙනිදා පැවැති සාකච්ඡාවකදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, එම අවස්ථාවේ බන්ධනාගාරය තුළ පැවැති අස්ථාවර ආරක්ෂක තත්ත්වය හේතුවෙන් කොමිසමේ නිලධාරීන්ට ඇතුළු වීමට අවසර නොදුන් බවය.

එම අවස්ථාවේ පැවැති සැබෑ තත්ත්වය කොමිසමේ නිලධාරීන්ට නිසි ලෙස සන්නිවේදනය කිරීමට අපොහොසත් වීම පිළිබඳව බන්ධනාගාර බලධාරීන් එහිදී කනගාටුව පළ කර ඇති අතර, ඉදිරියේදී මෙවැනි සිදුවීම් සිදු නොවන බවට සහතික වී තිබේ.

කෙසේ වෙතත්, බන්ධනාගාර නිලධාරීන් ලබා දුන් මෙම පැහැදිලි කිරීම පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.

මීට අමතරව, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පසු වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර යවන ලද රැඳවියන්ට පළිගැනීම් වශයෙන් වධහිංසා පැමිණවීම්, වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම්, රැඳවියන් සිටින ස්ථාන ඔවුන්ගේ පවුල්වලට දැනුම් දීම ප්‍රමාද කිරීම සහ දඬුවම් කාලය අවසන් වූ රැඳවියන් ද දිගින් දිගටම රඳවා තබා ගැනීම වැනි බරපතළ චෝදනා රැසක් සම්බන්ධයෙන් ද කොමිසම මෙහිදී ප්‍රශ්න කර ඇත.

බන්ධනාගාර අත්අඩංගුවේ පසුවන්නන්ට සිදු වූ වධහිංසා, අමානුෂික ලෙස සැලකීම් සහ සිදුවූ මරණ පිළිබඳව දැනට ක්‍රියාත්මක වන විමර්ශන සඳහා පූර්ණ සහාය ලබා දෙන ලෙස මානව හිමිකම් කොමිසම වැලිකඩ බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබේ.

සිද්ධිය සැලකිල්ලට ගනිමින් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් බන්ධනාගාර බලධාරීන් වෙත පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කර ඇත.

නීත්‍යානුකූලව කොමිසමට හිමි රැඳවුම් භාරයන් පරීක්ෂා කිරීමේ අයිතියට වහාම ඉඩකඩ සලසා දීම.

මාරු කර එවන ලද රැඳවියන්ට එරෙහිව සිදුකෙරෙන පළිගැනීම් වහාම නතර කිරීම.

රැඳවියන් රඳවා සිටින ස්ථාන පිළිබඳව ඔවුන්ගේ පවුල්වලට කඩිනමින් දැනුම් දීම.

නියමිත දඬුවම් කාලය අවසන් කර ඇති රැඳවියන් වහාම නිදහස් කිරීමට පියවර ගැනීම.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..