header logo
SLIC
උණුසුම් පුවත්
වැලිකඩ යන්න නොදීම ගැන මානව හිමිකම් කොමිසම දැඩි කනස්සල්ලෙන්
Jul 16, 202612:15 PM
වැලිකඩ යන්න නොදීම ගැන මානව හිමිකම් කොමිසම දැඩි කනස්සල්ලෙන්
Mobitel 1278

වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම සඳහා ගිය තම නිලධාරීන්ට බන්ධනාගාරය තුළට ඇතුළු වීමට අවසර නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය දැඩි කනස්සල්ල සහ විරෝධය පළ කර තිබේ.

පසුගිය ජූලි 7 වෙනිදා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම සඳහා ගොස් ඇති නමුත් බන්ධනාගාරය තුළට ඇතුළු වීමට අවසර ලැබී නැත.

පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම අවස්ථාවක රැඳවුම් භාරයේ පසුවන ස්ථාන වෙත ඇතුළු වීමට කොමිසමට බලය පවරා ඇති 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත, බන්ධනාගාර බලධාරීන් විසින් මෙලෙස උල්ලංඝනය කර ඇති බව කොමිසම පෙන්වා දෙයි.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියා 14 වෙනිදා පැවැති සාකච්ඡාවකදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, එම අවස්ථාවේ බන්ධනාගාරය තුළ පැවැති අස්ථාවර ආරක්ෂක තත්ත්වය හේතුවෙන් කොමිසමේ නිලධාරීන්ට ඇතුළු වීමට අවසර නොදුන් බවය.

එම අවස්ථාවේ පැවැති සැබෑ තත්ත්වය කොමිසමේ නිලධාරීන්ට නිසි ලෙස සන්නිවේදනය කිරීමට අපොහොසත් වීම පිළිබඳව බන්ධනාගාර බලධාරීන් එහිදී කනගාටුව පළ කර ඇති අතර, ඉදිරියේදී මෙවැනි සිදුවීම් සිදු නොවන බවට සහතික වී තිබේ.

කෙසේ වෙතත්, බන්ධනාගාර නිලධාරීන් ලබා දුන් මෙම පැහැදිලි කිරීම පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.

මීට අමතරව, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පසු වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර යවන ලද රැඳවියන්ට පළිගැනීම් වශයෙන් වධහිංසා පැමිණවීම්, වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම්, රැඳවියන් සිටින ස්ථාන ඔවුන්ගේ පවුල්වලට දැනුම් දීම ප්‍රමාද කිරීම සහ දඬුවම් කාලය අවසන් වූ රැඳවියන් ද දිගින් දිගටම රඳවා තබා ගැනීම වැනි බරපතළ චෝදනා රැසක් සම්බන්ධයෙන් ද කොමිසම මෙහිදී ප්‍රශ්න කර ඇත.

බන්ධනාගාර අත්අඩංගුවේ පසුවන්නන්ට සිදු වූ වධහිංසා, අමානුෂික ලෙස සැලකීම් සහ සිදුවූ මරණ පිළිබඳව දැනට ක්‍රියාත්මක වන විමර්ශන සඳහා පූර්ණ සහාය ලබා දෙන ලෙස මානව හිමිකම් කොමිසම වැලිකඩ බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබේ.

සිද්ධිය සැලකිල්ලට ගනිමින් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් බන්ධනාගාර බලධාරීන් වෙත පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කර ඇත.

නීත්‍යානුකූලව කොමිසමට හිමි රැඳවුම් භාරයන් පරීක්ෂා කිරීමේ අයිතියට වහාම ඉඩකඩ සලසා දීම.

මාරු කර එවන ලද රැඳවියන්ට එරෙහිව සිදුකෙරෙන පළිගැනීම් වහාම නතර කිරීම.

රැඳවියන් රඳවා සිටින ස්ථාන පිළිබඳව ඔවුන්ගේ පවුල්වලට කඩිනමින් දැනුම් දීම.

නියමිත දඬුවම් කාලය අවසන් කර ඇති රැඳවියන් වහාම නිදහස් කිරීමට පියවර ගැනීම.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි