header logo
SLIC
උණුසුම් පුවත්
ඉදිරි වසර 30ට ගැළපෙන සේ කටුනායක ගුවන් තොටුපොළ සංවර්ධනයට සැලැස්මක්
Jul 16, 202610:53 AM
ඉදිරි වසර 30ට ගැළපෙන සේ කටුනායක ගුවන් තොටුපොළ සංවර්ධනයට සැලැස්මක්
Mobitel 1278

ඉදිරි වසර 30ක කාලයට ගැළපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ විශේෂ සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුව තිබේ.

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ 2026 වසරේ ප්‍රගතිය සහ 2027 වසරේ අයවැය ප්‍රතිපාදන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.

මෙම සංවර්ධන සැලැස්ම මඟින් වසර 2055 වන විට වාර්ෂික මගී ධාරිතාව මිලියන 24.2ක් දක්වා ඉහළ නැංවීම ඉලක්ක කර ඇත.

ඒ අනුව 2027 වසර තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ පවතින පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත පුළුල් කිරීම, නව පර්යන්තය ඉදිකිරීම සහ ඩිපෝ ප්‍රසාරණ කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

මීට අමතරව ගුවන්තොටුපොළ ආශ්‍රිතව මගී ප්‍රවාහන සේවා විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර සියලු ගුවන්තොටුපොළ සේවා ඩිජිටල්කරණය කිරීම සඳහා ඩිජිටල් අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් පවතින බවද මෙහිදී අනාවරණය විය.

මෙම සාකච්ඡාවේදී අනෙකුත් ගුවන්තොටුපොළවල් පිළිබඳවද විශේෂ අවධානයක් යොමු විය.

මත්තල ගුවන්තොටුපොළ මේ වන විට දිනකට රුපියල් මිලියන 6-7ත් අතර, එනම් වසරකට රුපියල් බිලියන 4ක පමණ අලාභයක් ලබන බවද මෙහිදී අනාවරණය වී ඇත.

ඒ අනුව මත්තල ගුවන්තොටුපොළ සඳහා මේ වන විට ආයෝජන යෝජනා කැඳවා ඇති අතර 2027 වන විට ඊට අදාළ කටයුතු අවසන් කිරීමට ද විකල්ප යෝජනා ඉදිරිපත් කෙරිණි.

යාපනය ගුවන්තොටුපොළ මගී පර්යන්තය නවීකරණය කර පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවද මෙහිදී අනාවරණය වී තිබේ.

මේ අතර හිඟුරක්ගොඩ ඇතුළු අභ්‍යන්තර ගුවන්තොටුපොළවල සිවිල් මගී මෙහෙයුම් කටයුතු සඳහා ගුවන් හමුදාව සමඟ එක්ව ඒකාබද්ධ සමාලෝචනයක් සිදු කර ඇගයීම් වාර්තාවක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඉන්දියානු රජයේ ආධාර මත වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා වරාය සංවර්ධන වැඩසටහන සහ කන්කසන්තරේ වරාය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතියද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

කොළඹ වරායේ Logistic Park, දකුණු වරායේ දියකඩනය දීර්ඝ කිරීම, බටහිර පර්යන්තයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සහ වරාය කටයුතු සියල්ල ඩිජිටල්කරණය කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි