header logo
SLIC
උණුසුම් පුවත්
එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
Jul 16, 202606:17 AM
එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
Mobitel 1278

එංගලන්තය සමඟ ඊයේ (15) පැවති තියුණු තරගයෙන් ගෝල 2-1 ක් ලෙස විශිෂ්ට ජයක් ලබාගැනීමට ආර්ජන්ටිනාව සමත් විය.

ලියොනොල් මෙසීගේ සුවිශේෂී දස්කම් සහ ලුටාරෝ මාර්ටිනස් තරගයේ 92 වැනි මිනිත්තුවේදී ලබාගත් ජයග්‍රාහී ගෝලය හේතුවෙන් මෙම පෙරළිකාර ජයග්‍රහණය වාර්තා වූ අතර, ඒ සමඟින් යුරෝපීය ශූර ස්පාඤ්ඤය සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමටද ආර්ජන්ටිනාවට අවස්ථාව හිමි විය.

ඇට්ලන්ටා හි ප්‍රේක්ෂකයින් 68,239 ක් ඉදිරියේ පැවැති මෙම අර්ධ අවසන් පූර්ව තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 55 වැනි මිනිත්තුවේදී ඇන්තනි ගෝර්ඩන් ලබාගත් ගෝලයත් සමඟ එංගලන්තය 1-0 ක් ලෙස පෙරමුණ ගත්තේය.

ඒ අනුව 1966 න් පසු තම පළමු ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසීමට එංගලන්තයට කදිම අවස්ථාවක් උදා වී තිබුණි.

නමුත් දෙරට අතර පවතින දීර්ඝකාලීන පාපන්දු තරගකාරිත්වය ලෝක කුසලාන ඉතිහාසයේ තවත් එක් අමතක නොවන තරගයක් බවට පත් කරමින්, ආර්ජන්ටිනාව තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ එංගලන්තයට එල්ල කළ ද්විත්ව ප්‍රහාරය ඉතිහාසයට එක්වනු ඇත.

තරගයේ 85 වැනි මිනිත්තුවේදී මෙසීගෙන් ලැබුණු දක්ෂ පන්දු යොමු කිරීමක් මඟින් එන්සෝ ෆර්නැන්ඩස් ආර්ජන්ටිනාව වෙනුවෙන් සම ලකුණු ගෝලය වාර්තා කළේය.

ඉන් නොනැවතුණු ආර්ජන්ටිනාව, තරගයේ අතිරේක කාලය ආසන්න වෙමින් තිබියදී, නැවතත් ක්‍රියාත්මක වූ මෙසී ලබා දුන් දක්ෂ පන්දු යොමු කිරීමකින් ආදේශක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි ලුටාරෝ මාර්ටිනස් හිසෙන් එල්ල කළ ප්‍රහාරයකින් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.

ඒ වන විට තරගයේ අතිරේක මිනිත්තු 2ක ගතවෙමින් තිබුණි.

මෙය 1986 දී ඩියේගෝ මැරඩෝනා එංගලන්තයට එරෙහිව දැක්වූ සුපිරි දස්කම්වලට සමාන නොවුණත්, මෙම ගෝල ද්විත්වය මඟින් ආර්ජන්ටිනාව පරාජයේ අද්දර සිට නැවත ජීවය ලබා ගත් අතර, පිට පිට දෙවැනි වරටත් ලෝක කුසලානය දිනා ගැනීමේ ඔවුන්ගේ සිහිනය ඉදිරියට ගෙනයාමට සමත් විය.

1962 දී බ්‍රසීලයෙන් පසු කිසිදු කණ්ඩායමක් පිට පිට ලෝක කුසලාන ශූරතාව රැකගෙන නොමැති අතර, මෙම ජයග්‍රහණයත් සමඟ බ්‍රසීලයේ සුපිරි ක්‍රීඩක කැෆූට පසුව ලෝක කුසලාන අවසන් මහා තරග 3කට ක්‍රීඩා කළ දෙවැනි ක්‍රීඩකයා බවට පත්වීමට මෙසීට අවස්ථාව හිමිවේ.

කණ්ඩායම් 48 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ලෝක කුසලානයේ අවසන් මහා තරගය ලබන ඉරිදා නිව් ජර්සි හි MetLife ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

39 වැනි වියේ පසුවන මෙසී එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමට මෙතරම් කාලයක් බලා සිටි අතර, ඔහු නිල තරගයකදී ස්පාඤ්ඤයට එරෙහිව ක්‍රීඩා කරන පළමු අවස්ථාව ද මෙය වේ.

2022 වසරේ කටාර්හිදී ආර්ජන්ටිනාව ලෝක ශූරයන් කරා මෙහෙයවීමත් සමඟ ඔහුගේ පාපන්දු ජීවිතය සම්පූර්ණ වූ බව පෙනෙන්නට තිබුණද, ඔහු තවමත් විශිෂ්ට ලෙස ක්‍රීඩා කරමින් සිටින බව මෙයින් සනාථ වේ.

කෙසේ වෙතත්, තෝමස් ටුචෙල්ගේ පුහුණුකාරීත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායමට මෙවර විශාල පසුතැවීමකට මුහුණ දීමට සිදුව ඇත. ඔවුන්ට දැන් සිදුව ඇත්තේ සෙනසුරාදා මියාමි හිදී ප්‍රංශය සමඟ තෙවැනි ස්ථානය සඳහා වන තරගයට ක්‍රීඩා කිරීමටය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි