header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
බාල ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දිනදෙයි
Jul 15, 202604:19 PM
බාල ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දිනදෙයි
Mobitel 1278

බාල ගල්අඟුරු ආනයනය කිරීම හේතුවෙන් සිදුවූ පාඩුව පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු වැඩි කිරීම වළක්වාලන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම ලබන අගෝස්තු මස 24 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම, අද (15) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතා කරුණු දක්වමින්, බාල ගල්අඟුරු හේතුවෙන් කිසියම් පාඩුවක් සිදුවී තිබේ නම් එය අයකර ගැනීමට නිසි පියවර ගන්නා බවත්, එහි බර මහජනතාව මත පැටවීමට රජය ක්‍රියා නොකරන බවත් ප්‍රකාශ කළේය.

වැඩිදුර ලේඛන ඉදිරිපත් කිරීම සඳහා ඔහු අධිකරණයෙන් දිනයක්ද ඉල්ලා සිටියේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා ඉල්ලා සිටියේ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම අගෝස්තු 24 වනදා කැඳවීමට නියෝග කළේය.

අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, එන්.එස්. ඕ සමාගම සහ මහජන උපයෝගීතා කොමිසම ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

බාල ගල්අඟුරු ආනයනය නිසා රජයට රුපියල් බිලියන 20කට අධික පාඩුවක් සිදුවී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ වාර්තාවක සඳහන් වන බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

විදුලි බිල ඉහළ දැමීම සහ බදු පැටවීම හරහා රජය එම පාඩුව මහජනතාවගෙන් පියවා ගැනීමට උත්සාහ කරන බැවින්, එය වළක්වාලන ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබේ.

මීට අමතරව, ඉකුත් මැයි මස 09 වනදා විදුලි ගාස්තු ඉහළ නැංවීමට නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසත්, මෙම පාඩුව ඊට වගකිවයුතු දේශපාලන අධිකාරියෙන්, නිලධාරීන්ගෙන් සහ අදාළ සමාගමෙන් අයකර ගැනීමට නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana