header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මීගමුවේ ගැටුමට හේතුව හෙළිවෙයි - කටුවැල්ලේගම සුරේෂ්ගෙන් බන්ධනාගාර නිලධාරියෙකුටත් තර්ජන
Jul 14, 202607:19 PM
මීගමුවේ ගැටුමට හේතුව හෙළිවෙයි - කටුවැල්ලේගම සුරේෂ්ගෙන් බන්ධනාගාර නිලධාරියෙකුටත් තර්ජන
Mobitel 1278

පසුගියදා ගැටුම් ඇතිවූ මීගමුව බන්ධනාගාර භූමිය තුළ තිබී හිස් උණ්ඩ 271ක් විමර්ශනවලදී සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (14) අනාවරණ කළේය.

ඒ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් වන නීතී කෘත්‍ය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද සිදුකෙරුණු අවස්ථාවේදීය.

එහිදී නොසන්සුන්තාව ඇතිවූ අවස්ථාවේ බන්ධනාගාරයේ සිටි රැඳවියන් 2,417 දෙනාගෙන්ම ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 01 විමර්ශන නිලධාරින් සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 40ක් කණ්ඩායම් තුනකට බෙදී විමර්ශන සිදුකරන බවය.

"ස්වාමිනි, මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වෙද්දි බන්ධනාගාර නිලධාරීන් 136 දෙනෙකුගෙන්, රැදවියන් 141 දෙනෙකුගෙන් සහ පොලිස් විශේෂ කාර්යබලකා නිලධාරීන් 09 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඊට අනුව සිදුවීම වන අවස්ථාවේ බන්ධනාගාරයේ සිට ඇති මුළු රැඳවියන් ගණන 2417ක්. බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 166 දෙනෙකුත් සිට තිබෙනවා. නොසන්සුන්තාවයට මුල්වූ පළමු සිදුවීම වෙලා තියෙන්නේ ජුලි 05 වනදා. සාමාන්‍යයෙන් රැඳවියන්ට ශාරීරික ව්‍යායාම් කරන්න විනාඩි 30ක කාලයක් ලබාදෙනවා. මෙදින A(1) වාට්ටුවේ රඳවා සිටි කටුවැල්ලේගම සුරේෂ් නම් රැඳවියා තමන්ට ව්‍යායාම් සඳහා වැඩි කාලයක් ලබාදෙන්නැයි ඉල්ලා බන්ධනාගාර නිලධාරීයෙකුට පරුෂ වචනයෙන් බැන මරණ තර්ජන කර තිබෙනවා. පසුව එදින A(1) වාට්ටුවේ දොර විවෘත කළ අවස්ථාවක සුරේෂ් නැමැති මේ රැඳවියා වාට්ටුවෙන් පිටතට පැන 02 වාට්ටුවේ සිටි රැඳවියන් පිරිසකට පහරදී තිබෙනවා. මෙය තමයි නොසන්සුන්තාවයට මුල් වූ සිදුවීම. මෙහිදී මුල් අවස්ථාවේ රැඳවියන් දෙදෙනෙකුත් පසු අවස්ථාවක තවත් අයෙකුත් ලෙස රැඳවියන් තිදෙනෙක් මියගොස් තිබෙනවා. 36 දෙනෙක් රෝහල්ගත කරලා. එය කලහකාරී ලෙස දිග්ගැස්සිලා බන්ධනාගාර ඖෂධ හලට හා පරිපාලන ගොඩනැගිල්ලට රැඳවියන් අලාභහානි සිදුකර තිබෙනවා. බන්ධනාගාරයේ පරිපාලන ගොඩනැගිල්ලත් රැඳවියන්ගේ භාරයට පත්වෙලා. 05 වෙනිදා සවසම බන්ධනාගාර නිලධාරීන් පොලිසියට දැනුම්දීලා ආරක්ෂාව ඉල්ලලා තියෙනවා. මීගමුව මූලස්ථාන පොලිස් නිලධාරීන් පැමිණියත් තත්ත්වය මුලුමනින්ම පාලනය කරගැනීමට නොහැකි වූ නිසා බන්ධනාගාර මූලස්ථානයේ සිට හදිසි ප්‍රතිකාර උපක්‍රමික බලකායේ නිලධාරීන් 89 දෙනෙකු මීගමුව බන්ධනාගාරයට කැඳවා තිබෙනවා. 05 වෙනිදා රාත්‍රියේත් රැඳවියන් වහලය උඩට නැගලා සංවිධාන වෙමින් කලහකාරීව හැසිරුණු බවට සාක්ෂි ලැබී තිබෙනවා. පසුදින උදෑසන ආහාරය දීමට බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාරය තුළට ගිය අවස්ථාවේ යළි නොසන්සුන්තාවය ඇතිවී තිබෙනවා. ඇතැම් රැඳවියන් සර්ලාට ගහන්න ඉන්නේ සර්ලා යන්න කියලා බන්ධනාගාර නිලධාරීන්ට පවසා තිබෙනවා. පෙරවරු 10.30ත් 10.50ත් අතර කාලයේ නොසන්සුන්තාවය ගැටුම්කාරී තත්ත්වයක් කරා වර්ධනය වෙලා. තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර හදිසි ප්‍රතිකාර උපක්‍රමික බලකායේ නිලධාරීන්ද බන්ධනාගාරය ඇතුළට ගිය ආවස්ථාවේදී රැඳවියන් සංවිධානාත්මකව ගල්මුල්, පොලුමුගුරු, ව්‍යායාම් උපකරණ යකඩ කොටස්වලින් අමානුෂික ලෙස පහරදී තිබෙනවා. ගැටුම මැද මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් බන්ධනාගාරයෙන් පිටතට පැමිණියත් බන්ධනාගාරයේ පිහිටීම පිළිබඳ අවබෝධයක් නොමැති, කොළඹින් පැමිණි නිලධාරීන්ට පිටතට ඒමට හැකියාව ලැබී නැහැ. පළමු දිනයේ නොසන්සුන්තාවය ඇතිවූ අවස්ථාවේ බන්ධනාගාරයේ අවි ගබඩාවේ එක් පැත්තක අවි ඉවත්කරලා තියෙනවා. නමුත් අනික් කොටසේ අවි ගැටුම අතරතුර රැඳවියන් අතට පත්වෙලා. නොසන්සුන්තාවය අතරතුර බන්ධනාගාරයේ ඇතුළු පැත්තේ සිට නිලධාරීන්ට ගිනිඅවියක් එල්ල වී තිබෙනවා. එම අවස්ථාවේදී තමයි පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කඳුළු ගෑස් එල්ල කර තිබෙන්නේ. එත් මෙල්ල නොවුන නිසා අහසට වෙඩි තබා තිබෙනවා. එයිනුත් මෙල්ල නොවුන අවස්ථාවේ තමයි නිලධාරීයෙක් බන්ධනාගාර දොරටුවේ කුහරයෙන් ඇතුළට වෙඩි තබන්නේ. ඉන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බන්ධනාගාරයට ඇතුල් වූ විට කොළඹින් ගිය නිලධාරීන් බිම වැටී සිටින අයුරු දැක තිබෙනවා."

මෙහිදී විමර්ශන නිලධාරීන් විසින් දැනට සිදුකරමින් පවතින විමර්ශනයේ ප්‍රගතිය සම්බන්ධයෙන්ද වැඩිදුර කරුණු දැක්වීමක් සිදුකළේය.

"ස්වාමිනි, සිදුකළ වැඩිදුර විමර්ශනයේදී T58 ගිනිඅවියක් සහ මැගසින් එකක් බන්ධනාගාර අභ්‍යන්තරයෙන් හමුවුණා. එසේම බන්ධනාගාර භූමිය තුළ තිබී හිස් උණ්ඩ 271ක් සොයාගෙන තිබෙනවා. විමර්ශනයට අදාළව මේ වෙද්දි මීගමුව බන්ධනාගාර නිලධාරීන් සතුව පැවති ගිනිඅවි 50ක් සහ වැලිකඩ බන්ධනාගාරයෙන් ගිය නිලධාරීන් සතු ගිනිඅවි 10ක් ලෙස මුළු ගිනිඅවි 60ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් බන්ධනාගාරයට වූ අලාභය පිළිබඳ වාර්තාවක් කැඳවියයුතුව තිබෙනවා. බන්ධනාගාරයේ තිබූ CCTV වලට අදාළ DVR දෘඩ තැටි 02ක් අපි නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒවා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක වෝහාරික විද්‍යාගාරයට යොමුකර වාර්තාව කැඳවිය යුතුයි. මේ විමර්ශනයට අදාළව අප නීතිපතිවරයාගේ සහාය ඉල්ලා තිබෙනවා. දැනට දණ්ඩ නීති සංග්‍රහයේ 296 මිනිමැරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෙන්ම, තුවක්කු ආඥා පනත හා පොදු දේපළ පනත යටතේ වන වරද සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යනවා.විමර්ශන අවසානයේදී සැකකරුවන් නම් කිරීමට බලාපොරොත්තු වෙනවා."

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මීගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ගැටුම අවස්ථාවේ බන්ධනාගාරයේ සිටි සියලුම රැඳවියන් සම්බන්ධයෙන් වාර්තා කැඳවන ලෙස නියෝග කළාය.

එමෙන්ම එම අවස්ථාවේ මීගමුව බන්ධනාගාරයේ සිට මේ වනවිට මාරුකර යවා ඇති සියලු රැඳවියන්ගෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

නඩුව ජුලි 16 වනදා යළි කැඳවීමට නියමිතයි.

MostRead
Mobitel 1278
VideoStories
 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana