header logo
SLIC
උණුසුම් පුවත්
ඉන්දීයානුවන්ගේ 'Destination Wedding'‍වල ප්‍රමුඛතම තේරීමක් ලෙස ලංකාව ඉදිරියට
Jul 14, 202606:04 PM
ඉන්දීයානුවන්ගේ 'Destination Wedding'‍වල ප්‍රමුඛතම තේරීමක් ලෙස ලංකාව ඉදිරියට
Mobitel 1278

විවාහ වීමට සූදානමින් සිටින ඉන්දීයානුවන් සිය විවාහ මංගල්‍යයන් විදේශ රටවල පැවැත්වීම සඳහා තෝරාගන්නා ස්ථානය ලැයිස්තුවේ, ශ්‍රී ලංකාව ඉතා වේගයෙන් ඉහළට පැමිණෙමින් ඇති ප්‍රමුඛතම ගමනාන්තයක් බවට පත්ව ඇතැයි ඉන්දීය විවාහ සැලසුම්කරණ ආයතනයක් වන WedMeGood ආයතනය නිකුත් කළ "Destination Wedding Report 2026" වර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවට අනුව, ඉන්දීය යුවළ අතර සාම්ප්‍රදායික මහා පරිමාණ මංගල උත්සව වෙනුවට සමීපතමයන් පමණක් සහභාගී වන අත්දැකීම් බහුල විවාහ මංගල්‍යයන් පැවැත්වීමේ ප්‍රවණතාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

මේ වන විට ඉන්දියාවේ සිදුවන මුළු විවාහ මංගල්‍යයන්ගෙන් 25%ක්ම විවිධ සංචාරක ගමනාන්ත ආශ්‍රිතව සිදුවන අතර, එය 2028 වන විට 30% සිට 32% දක්වා තවදුරටත් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

ඉන්දියාවෙන් පිටත විදේශීය රටවල පැවැත්වෙන ඉන්දීය විවාහ මංගල්‍යයන් සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම වාර්ෂිකව 20% සිට 25% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඊට බලපා ඇති ප්‍රධාන හේතු මෙසේය.

ඉන්දීය යුවළ වලින් 44%ක්ම කැමැත්ත දක්වන්නේ පැය 2 සිට 4 දක්වා ගුවන් ගමන් කාලයකින් ළඟාවිය හැකි ගමනාන්තයන්ටය.

ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව විසින් ලබා දී ඇති වීසා රහිත ප්‍රවේශ පහසුකම.

සුඛෝපභෝගී ආගන්තුක සත්කාර, සුන්දර වෙරළ තීරයන්, වනජීවී, සංස්කෘතික සහ ආධ්‍යාත්මික සුවතා අත්දැකීම් එකම රටක් තුළදී විඳ ගැනීමට ඇති හැකියාව.

වාර්තාවට අනුව, මෙවැනි විවාහ මංගල්‍යයන් සඳහා කෙරෙන වියදම් වසරින් වසර 8%කින් පමණ ඉහළ ගොස් තිබේ.

ඉන්දියාව තුළ පැවැත්වෙන ගමනාත්ත විවාහ උත්සවයක සාමාන්‍ය පිරිවැය ඉන්දීය රුපියල් මිලියන 5.8ක් පමණ නමුත් ඔවුන් විදෙස් රටවල සැලසුම් කරන ගමනාත්ත වල මංගල්‍යයක සාමාන්‍ය පිරිවැය ඉන්දීය රුපියල් මිලියන 15 ඉක්මවන බව සඳහන් වේ.

එමෙන්ම, 2020 ට පෙර දින දෙකකට ආසන්න කාලයක් පැවති මංගල උත්සව කාලසීමාව, මේ වන විට සාමාන්‍යයෙන් දින 4කට ආසන් කාලයක් දක්වා දිර්ඝ වී තිබේ.

පැමිණෙන අමුත්තන්ට ලැබෙන අත්දැකීම මෙහිදී ප්‍රධාන වන අතර, රසවත් ආහාර පාන සඳහා මෙහිදී ඉහළම ප්‍රමුඛතාවක් හිමි වේ.

මෙම ප්‍රවණතාව පිළිබඳව අදහස් දක්වමින් WedMeGood හි සම-නිර්මාතෘ මෙහක් ෂහානි මහත්මිය ප්‍රකාශ කළේ, වර්තමානයේ ඉන්දීය විවාහ මංගල්‍යයන් විශාල පරිවර්තනයකට ලක්වෙමින් පවතින බවය.

යුවළ තම පවුලේ අයට සහ මිතුරන්ට අමතක නොවන අර්ථවත් අත්දැකීමක් තෑගි කිරීමට වැඩි කැමැත්තක් දක්වන බවත්, එම උනන්දුව විවාහ අයවැය කෙරෙහි ද සෘජුවම බලපාන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව