header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සමූපකාර ව්‍යාපාරයට නව ඩිජිටල් යුගයක්
Jul 14, 202603:51 PM
සමූපකාර ව්‍යාපාරයට නව ඩිජිටල් යුගයක්
Mobitel 1278

ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය නවීකරණය කරමින් එය ඩිජිටල් තාක්ෂණය සමඟ බද්ධ කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස, සමූපකාර සාමාජික ලියාපදිංචිය සඳහා වූ "ජාතික ඩිජිටල් ද්වාරය" (National Digital Portal) අද (14) නිල වශයෙන් ජනගත කෙරිණි.

සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය පවත්වා තිබේ.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා අවධාරණය කළේ, මෙම ඩිජිටල් ද්වාරය හුදෙක් තාක්ෂණික ව්‍යාපෘතියක් පමණක් නොවන බවය.

එය සමූපකාර ක්ෂේත්‍රයේ විනිවිදභාවය ශක්තිමත් කරමින්, ජනතා විශ්වාසය ඉහළ නැංවීම සඳහා ආරම්භ කළ ජාතික වැඩපිළිවෙළක පළමු පියවර බව හෙතෙම කියා සිටියේය.

"මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරෙන්නේ 'සාමකාමී ලෝකයක් සඳහා සමූපකාර' යන තේමාව යටතේයි. එම තේමාවට අනුකූලව ජනතාව එකිනෙකා සම්බන්ධ කරන, ආර්ථිකය ශක්තිමත් කරන ඩිජිටල් යටිතල පහසුකම් ලබාදීම අපේ අරමුණයි."

ශ්‍රී ලංකාවේ විශාලතම ජනතා ව්‍යාපාරයක් වන සමූපකාර ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය.

2017 දත්ත අනුව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමූපකාර සංවිධාන 14,000කට අධික සංඛ්‍යාවක් පවතින අතර, එයින් 8,963 ක් ක්‍රියාකාරීව පවතින බවත්, සාමාජික සංඛ්‍යාව මිලියන 8.7කට ආසන්න වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එමෙන්ම සමූපකාර ක්ෂේත්‍රය තුළ 39,000කට අධික පිරිසකට රැකියා අවස්ථා සපයන අතර, කාන්තාවන්ගේ දායකත්වයද සැලකිය යුතු මට්ටමක පවතින බවද ඔහු කියා සිටියේය.

මෙතරම් විශාල සාමාජික පිරිසක් සිටියද, මෙතෙක් කල් ඒකාබද්ධ යාවත්කාලීන ඩිජිටල් දත්ත පද්ධතියක් නොතිබීම ප්‍රධාන අභියෝගයක්ව තිබූ බවත්, අද දින දියත් කළ පද්ධතිය මඟින් රට පුරා සිටින සාමාජිකයන්ගේ තොරතුරු ආරක්ෂිතව හා විධිමත්ව එක් ජාතික දත්ත පද්ධතියකට ඇතුළත් වන බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ඉදිරියේදී තවදුරටත් පුළුල් කිරීමට රජය සැලසුම් කර ඇති අතර, එහිදී ඩිජිටල් සාමාජික අනන්‍යතා (Digital ID) සහ මාර්ගගත (Online) සේවා, ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද සහ ඩිජිටල් ඡන්දය ප්‍රකාශ කිරීමේ පහසුකම්, සමූපකාර බැංකු පද්ධතිය ඒකාබද්ධ කරමින් "ජාතික සමූපකාර දත්ත වේදිකාව" (National Co-operative Data Platform) නිර්මාණය කිරීම, තරුණ පරපුර සමූපකාර ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගැනීම, කාන්තා ව්‍යවසායකත්වය දිරිමත් කිරීම සහ ග්‍රාමීය නිෂ්පාදන සඳහා ඩිජිටල් වෙළඳපොළක් නිර්මාණය කරමින් සමූපකාර ව්‍යාපාරය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැලපෙන ලෙස නවීකරණය කිරීම රජයේ අවසාන ඉලක්කය බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
VideoStories
 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana