header logo
SLIC
උණුසුම් පුවත්
ටිල්වින්ගේ ප්‍රකාශය ඇමති නලින්ද නැවතත් ඉවත දමයි
Jul 14, 202603:20 PM
ටිල්වින්ගේ ප්‍රකාශය ඇමති නලින්ද නැවතත් ඉවත දමයි
Mobitel 1278

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කිසිදු මුදල් ගැටලුවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ ඕනෑම මැතිවරණයක් සඳහා මුදල් වෙන් කර ඇති බවත් හදිසි මැතිවරණයක් කැඳවුවහොත් ඒ සඳහාද මුදල් වෙන් කිරීමේ හැකියාව පවතින බවය.

ඒ අනුව පළාත් සභා මැතිවරණය සඳහා කිසිදු මූල්‍යමය ගැටලුවක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා ගැටලුව වී ඇත්තේ ඡන්ද ක්‍රමය බවත් නව ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවේදී සම්මත කළ වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතින බවය.

මින් පෙර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ දිට්වා ආපදාව හේතුවෙන් පළාත් සභා ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවත් ඡන්දය සඳහා වෙන් කර ඇති මුදල් දිට්වා ආපදාවන් සඳහා වියදම් කළ බවය.

කෙසේ නමුත් මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ දිට්වා සඳහා රුපියල් බිලියන 500ක් වෙන් කළ බවය.

එම බිලියන 500න් මේ වන විට රුපියල් බිලියන 260කට ආසන්න ප්‍රමාණයක් වියදම් කර ඇති බවත් දිට්වා සඳහා වෙන් කළ මුදල් තවත් ඉතිරිව පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව පළාත් සභා මැතිවරණයට පැවැත්වීම සඳහා මුදල් වෙන් කිරීම මෙම දිට්ටා ආපදාව බල නොපාන බව පැවසූ අමාත්‍යවරයා මෙරට හදිසි මැතිවරණයක් පැවැත්වුවහොත් ඒ සඳහාද මුදල් වෙන් කිරීමේ හැකියාව පවතින බවද පෙන්වා දුන්නේය.

"සල්ලි ප්‍රශ්නයක් නෙමයි තියෙන්නේ ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත කර දීම සම්බන්ධව ප්‍රශ්නයක් තියෙන්නේ. කොහොමත් සාමාන්‍යයෙන් ඕනෑම මැතිවරණයකට අපි මුදල් වෙන් කරලා තියෙන්නේ. මුදල් නැත්නම් පරිපූරක ඇස්තමේන්තුවෙන් හරි මුදල් ලබා දෙන්න හැකියාවක් තිබෙනවා. ඒ නිසා මුදල් ප්‍රශ්නයක් නෑ අනිත් එක දිට්වාවලට අපි වෙන් කළා බිලියන 500ක් ඡන්දෙකට එච්චර යන්නේ නෑ. ඡන්දෙකට එච්චර යන්නේ නෑ. ඉස්සර නම් වෙන් කළේ බිලියන 6ක් විතර පස්සේ ඒක 10 කළා උපරිම බිලියන 15ක් වගේ යනකොට ඡන්දේ තියන්න පුළුවන්. බිලියන 500ක් වෙන් කරලා දැන් එකේ බිලියන 260කට ආසන්න ප්‍රමාණයක් දිට්වාවලට වියදම් කරලාත් ඉවරයි. සල්ලි ප්‍රශ්නයක් නෑ ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවේදී සම්මත කරලා දුන්නොත් ඡන්දය ඕනෑම මොහොතක පවත්වන් අපි සූදානම්."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව