header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ටිල්වින්ගේ ප්‍රකාශය ඇමති නලින්ද නැවතත් ඉවත දමයි
Jul 14, 202603:20 PM
ටිල්වින්ගේ ප්‍රකාශය ඇමති නලින්ද නැවතත් ඉවත දමයි
Mobitel 1278

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කිසිදු මුදල් ගැටලුවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ ඕනෑම මැතිවරණයක් සඳහා මුදල් වෙන් කර ඇති බවත් හදිසි මැතිවරණයක් කැඳවුවහොත් ඒ සඳහාද මුදල් වෙන් කිරීමේ හැකියාව පවතින බවය.

ඒ අනුව පළාත් සභා මැතිවරණය සඳහා කිසිදු මූල්‍යමය ගැටලුවක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා ගැටලුව වී ඇත්තේ ඡන්ද ක්‍රමය බවත් නව ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවේදී සම්මත කළ වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතින බවය.

මින් පෙර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ දිට්වා ආපදාව හේතුවෙන් පළාත් සභා ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවත් ඡන්දය සඳහා වෙන් කර ඇති මුදල් දිට්වා ආපදාවන් සඳහා වියදම් කළ බවය.

කෙසේ නමුත් මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ දිට්වා සඳහා රුපියල් බිලියන 500ක් වෙන් කළ බවය.

එම බිලියන 500න් මේ වන විට රුපියල් බිලියන 260කට ආසන්න ප්‍රමාණයක් වියදම් කර ඇති බවත් දිට්වා සඳහා වෙන් කළ මුදල් තවත් ඉතිරිව පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව පළාත් සභා මැතිවරණයට පැවැත්වීම සඳහා මුදල් වෙන් කිරීම මෙම දිට්ටා ආපදාව බල නොපාන බව පැවසූ අමාත්‍යවරයා මෙරට හදිසි මැතිවරණයක් පැවැත්වුවහොත් ඒ සඳහාද මුදල් වෙන් කිරීමේ හැකියාව පවතින බවද පෙන්වා දුන්නේය.

"සල්ලි ප්‍රශ්නයක් නෙමයි තියෙන්නේ ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත කර දීම සම්බන්ධව ප්‍රශ්නයක් තියෙන්නේ. කොහොමත් සාමාන්‍යයෙන් ඕනෑම මැතිවරණයකට අපි මුදල් වෙන් කරලා තියෙන්නේ. මුදල් නැත්නම් පරිපූරක ඇස්තමේන්තුවෙන් හරි මුදල් ලබා දෙන්න හැකියාවක් තිබෙනවා. ඒ නිසා මුදල් ප්‍රශ්නයක් නෑ අනිත් එක දිට්වාවලට අපි වෙන් කළා බිලියන 500ක් ඡන්දෙකට එච්චර යන්නේ නෑ. ඡන්දෙකට එච්චර යන්නේ නෑ. ඉස්සර නම් වෙන් කළේ බිලියන 6ක් විතර පස්සේ ඒක 10 කළා උපරිම බිලියන 15ක් වගේ යනකොට ඡන්දේ තියන්න පුළුවන්. බිලියන 500ක් වෙන් කරලා දැන් එකේ බිලියන 260කට ආසන්න ප්‍රමාණයක් දිට්වාවලට වියදම් කරලාත් ඉවරයි. සල්ලි ප්‍රශ්නයක් නෑ ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවේදී සම්මත කරලා දුන්නොත් ඡන්දය ඕනෑම මොහොතක පවත්වන් අපි සූදානම්."

MostRead
Mobitel 1278
VideoStories
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana