header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
හුස්ම අල්ලන් ඉඳලා බැරිම තැන අතහැරුණ වීර පුත්තුන්ගේ ජීවිත
Jul 14, 202601:22 PM
හුස්ම අල්ලන් ඉඳලා බැරිම තැන අතහැරුණ වීර පුත්තුන්ගේ ජීවිත
Mobitel 1278

මීගමුව බන්ධනාගාර පරිශ්‍ය ගිනිදැල් මේ වනවිට නිවී ගොස්ය. ජීවිත 31 බිලිගත් ඒ මහා ඛේදවාචකය අවසන් වී අදට සතියක් ගෙවී ගොස් ඇතත් අද (14) උදෑසන ද එය යළි සිහියට නැගුණේ තවත් නිලධාරීන් දෙදෙනෙකු අවසන් හුස්ම හෙළීමත් සමඟය.

කෙසේ වෙතත් තවත් ජීවිත කිහිපයක්ම මරණය අබියස සටනක බව කිව යුතුමයි. එවන් පසුබිමක මීගමුව බන්ධනාගාරය අපරාධ ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මුළු මහත් ශ්‍රී ලංකාවම කඳුළින් සහ කම්පනයෙන් ගොළු කරමින්, මීගමුව බන්ධනාගාර පරිශ්‍රය පෙර නොවූ විරූ ආකාරයේ ලේ වැගිරුණු යුද පිටියක් බවට පත්වූයේ පසුගිය ජූලි මස 6 වෙනි සඳුදා දින උදෑසනය.‍

සිරකරුවන් දෙපිරිසක් අතර හටගත් ගැටුමක අවසානය සටහන් වන්නේ රාජකාරිය දේවකාරිය කරගත් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකුගේ ජීවිත බිලිගනිමිනි. එපමණක් නොව ගැටුමින් බන්ධනාගාර රැඳවියන් 21 දෙනෙකුට ද දිවි අහිමි වුණි.

සතියක් පුරා අවසන් හුස්ම පොඳ වෙරෙන් අල්ලාගෙන ජීවිතයක් මරණයත් අතර සටනක සිටි බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ සන්දික ලෂාන් ගුණවර්ධන මහතා සහ මධුසර රණවීර මහතා දිවි ගමනට සමුදුන්නේය.

බන්ධනාගාර නියාමකවරයෙකු වන මධුසර රණවීර මහතා ජීවිතක්ෂයට පත්වන විට 25 හැවිරිදි වියේ පසුවුණි.

ලුණුගම්වෙහෙර, නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මධුසර බන්ධනාගාරය තුළදී කාගෙත් ආදරය දිනාගනු ලැබුවේ වයසින් අඩුවීම නිසාවෙනි. ''අපේ පොඩි එකාත් අපිව දාලා යන්නම යයි" යනුවෙන් හදවත රිද්දන ඒ වචන බන්ධනාගාර ෆේස්බුක් පිටුවේ පළවන්නේ කාගෙත් දෙනෙතට කඳුලක් එක්කරමින්ය.

"සතියක් හුස්ම අල්ලන් හිටියා මං - ඒ ඇති නේද අම්මේ
පොල්කටු සිදුරෙන් නෑව්වෙ මාව - රිදෙනවට නේද අම්මේ
පොලු පහරවල් වදිද්දි හිසට -මතක් උනා මට ඒක අම්මේ
අයියලා දෙන්නා මැද්දෙ වැඩියෙන්ම -හුරතල් උනේ මං නේද අම්මේ
මං ආවෙ ටික කාලෙකටයි ඉතිං - දැන් යන්න වෙනවා මට අම්මේ
දවස් හතක් අල්ලන් උන්නේ නුඹ මාව -බලන්න එනකම් මගෙ අම්මේ
තියටරේ ඇඳක් උඩ ඉන්නවා දකින්න බැරිවග - දන්නවා මං අම්මේ
සත් දිනක් බෝ සෙවණ යට නුඹ - මට ආයු ඉල්ලා වැන්දා මං දැක්කා අම්මේ
නෑහුනා නෙවෙයි ඒත් මට - යන්නම උනා අම්මේ
හැමෝම කියනවනෙ මං - වීරයෙක් කියලා අම්මේ
ඉතිං ඇයි මේ කඳුලු ඒ වීරයා - නුඹෙ පුංචි පුතා අම්මේ...

- ශකී අබේසේකර -"

මේ, මධුසරගේ වියෝවය දරාගත නොහැකිව ෆේස්බුක් ගිණුමක ලියැවුණු වදනක් පෙළකි.

අම්බලන්තොට, පලාගහගොඩැල්ලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයෙකු වන සන්දික ලෂාන් ගුණවර්ධන මහතාද සතියක් පුරා ජීවිතය සමඟ සිදුකළ සටන අතහැර ඊයේ (13) රාත්‍රියේ ජීවිතයට සමුදුනි.

සන්දික මහතාගේ වියෝව ඕනෑම සංවේදී මිනිසෙකුගේ දෑසට කඳුළක් එක්කරන්නේ තවත් කාරණා කිහිපයක් නිසාවෙනි. 7 හැවිරිදි වියේ පසුවන ඔහුගේ පුංචි පුතු මේ වනවිට හදවත් රෝගයකින් පීඩා විඳිමින් සිටින අතර, එම දරුවාගේ ජීවිතය බේරාගැනීමට විශාල මුදලක්ද අවශ්‍යව තිබේ. සන්දික මහතා දිගින් දිගටම ඒ වෙනුවෙන් මුදල් සොයමින් සිටියේ, සිය පුතුගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙනි.

බන්ධනාගාර ගැටුමින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සන්දික මහතාගේ අවසන් හුස්මපොද වාතලයට එක්වන මොහොතේ පවා ඔහුගේ සිතේ කකියන්ට ඇත්තේ සිය පුතුගේ ජීවිතය බේරාගැනීම බව නොරහසකි.

රාජකාරිය වෙනුවෙන් දිවි පිදූ වීරයෙකුගේ අවසන් පැතුම ලෙස දරුවාගේ ජීවිතය බේරාගැනීම අප සියලුදෙනාටම සන්දික වෙනුවෙන් කළ හැකි ලොකුම උපහාරයයි.

පසුගිය ජුනි 05 වන දින මීගමුව බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට විරෝධය දක්වන පිරිසක් අතර කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබුණි.

එහිදී දෙපාර්ශ්වයේ ම රැඳවියන් තුවාල ලැබූ අතර ඉන් රැඳවියන් 2දෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබීය.

පසුව ජූනි 6 වන දින පෙරවරුවේ නැවතත් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක් හටගත් අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් එය පාලනය කිරීමට උත්සහ කිරීමත් සමඟ රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන්ට පහර දී තිබුණි.

එහිදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 100කට අධික පිරිසක් තුවාල ලැබූ අතර 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

RelatedNews
MostRead
Mobitel 1278
VideoStories
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana