header logo
SLIC
උණුසුම් පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ගැන සජබයෙන් හෙළිදරව්වක්
Jul 14, 202607:48 AM
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ගැන සජබයෙන් හෙළිදරව්වක්
Mobitel 1278

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කිරීමට අදාළ යෝජනාව මේ වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා පවසයි.

එවැනි සංශෝධනයක් සිදුකිරීම සඳහා මෙතෙක් කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති පසුබිමක, ආණ්ඩුව ගෙන යන මෙම වැඩපිළිවෙළ පිටුපස බරපතළ ගැටලුවක් පවතින බව මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් අජිත් .පී. පෙරේරා මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේය.

මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට හේතුව හෝ එහි පදනම කුමක්ද යන්න අද වනතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවත්, කිසිදු පාර්ලිමේන්තු කමිටුවක මේ පිළිබඳව සාකච්ඡා වී නොමැති බවත් ඔහු මෙහිදී අනාවරණය කළේය.

කිසිවෙකුත් ඉල්ලා නොමැති මෙවැනි යෝජනාවක් පිටුපස සැඟවුණු දේශපාලන අරමුණක් පවතින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, පෞද්ගලික මට්ටමේ කමිටුවක් හරහා සකස් කරන ලද කෙටුම්පතක් මේ වන විට තමන් වෙත ලැබී ඇති බවද පැවසීය.

එහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා,

''ලංකාවේ උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වැඩි කරන්න කියලා අග්‍රවිනිශ්චයකාරතුමා ඉල්ලලා නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු, අභියාචනාධිකරණ විනිශ්චයකාරවරු ඉල්ලීමක් කරලා නැහැ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලලා නැහැ. ඒ වගේම මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංගමය විරුද්ධයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය විරුද්ධයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ කවදාක්වත් කවුරුවක්වත් අද වෙනකන් ඇයි මෙහෙම සංශෝධනයක් අරන් එන්නේ, මෙහෙම සංශෝධනයක් කිරීමේ පදනම කියලා ඉදිරිපත් කරලා නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුවේ කිසිම කමිටුවක මේ අදහස සාකච්ඡාවට ලක් වෙලා නැහැ. එහෙනම් කවුද මෙහෙම යෝජනාවක් අරන් එන්නේ? කවුරුත් නැහැ. ඒ කියන්නේ සැඟවුණු අරමුණක් මේකේ තියෙනවා. පෞද්ගලික මට්ටමේ කමිටුවක් හරහා සකස් කරපු කෙටුම්පත අපිට ලැබිලා තියෙනවා. ආණ්ඩුව අනිවාර්යයෙන්ම මේක කරනවා. එහෙම කරන්නේ අධිකරණයේ බලතුලනය.. තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන්වලට ගළපා ගැනීම උදෙසා කියන කාරණය අපි දැන් නිශ්චිත වශයෙන්ම දන්නවා. දෙසැම්බර් මාසේ මුල් සතිය වෙනකොට මේක සංශෝධනය සම්මත කරගන්න ඕන කියලා ඉලක්කයකුත් තියෙනවා. ඒ නිසා මේක හරි ගුප්ත බවක් තියෙනවා."

කෙසේවෙතත් අදාළ යෝජනාව සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පළකළේ මෙවන් අදහසක්,

"ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට තියෙනවා වගකීමක් මේ රටේ ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනගන්න. ඒකට අපට වෘත්තිකයන් අවශ්‍යයි. අධිකරණ ක්ෂේත්‍රයට පළපුරුදු වෘත්තිකයන් අවශ්‍යයි. ඔවුන්ගේ අත්දැකීම් අවශ්‍යයි. ඒ නිසා තමයි දැන් වෘත්තීය ක්ෂේත්‍ර වලින් යෝජනාවක් ඇවිල්ලා තියෙන්නේ, සමහර රටට වැදගත් වෘත්තීය ක්ෂේත්‍ර වල විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව වෙනස් කරලා, ඒ වෘත්තිකයන්ගෙන් තව රටට වැඩක් ගන්න. මොකද එකපාරට අපිට අවුරුද්දෙන් දෙකෙන් ප්‍රබල වෘත්තිකයන් නිර්මාණය කරගන්න බෑ. අන්න ඒ නිසා තමයි විවිධ වෘත්තිකයන් අද ඉල්ලීම් කරමින් තියෙන්නේ අධිකරණ පද්ධතියේ, වෙනත් වෘත්තීන් වල ඒ විශ්‍රාම යන වයස් සීමාව, ඒ 60 වයස් සීමාව, 62 වයස් සීමාව ඒවා සංශෝධනය කරලා ඒ වෘත්තිකයන්ගෙන් තව වැඩ ගන්න කියන ඒ ඉල්ලීම තියෙන්නේ අන්න ඒක ඇතුලේ තමයි. අධිකරණ ක්ෂේත්‍රයේ වයස් සීමාව විනිසුරුවරුන්ගේ වැඩිකිරීම පිළිබඳ එහෙම අවසන් තීරණයක් රජය තවම අරගෙන නෑ. නමුත් ඒ පිළිබඳව විවිධ පාර්ශවයන්ගෙන් ඉල්ලීම් තියෙනවා. ඉතින් දැන් ආණ්ඩුව ඒ ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කරනවා. නමුත් තාම අවසන් තීරණයක් අරගෙන නෑ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව