
කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 180ක ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට රැගෙන ඒමට උත්සාහ ගත් පිලිපීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (14) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී වැටලීමක් සිදුකර අදාළ මත්ද්‍රව්‍ය සමඟ 63 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකාරියව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මේ අතර, ඊයේ (13) උදෑසන දොම්පේ, පරන්ගොඩ ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9යි ග්‍රෑම් 128ක් සමඟ 23 හැවිරිදි තරුණයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකර තිබූ මෙම වැටලීමේ දී පුද්ගල නාශක බිම්බෝම්බ 03ක්, එම ෆියුස් කොටස් 03ක්, M16 ගිනිඅවි සඳහා භාවිතා කරන ජීව පතරොම් 20ක්, කඩු 05ක්, විද්‍යුත් තරාදියක්, යතුරුපැදියක් ද පොලිස් විශේෂ කාර්ය බළකා භාරයට ගෙන ඇත.

















































