header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අමෙරිකාව හෝමුස් සමුද්‍ර සන්ධියේ භාරකරු වේවී - ජනපති ට්‍රම්ප්
Jul 13, 202606:37 PM
අමෙරිකාව හෝමුස් සමුද්‍ර සන්ධියේ භාරකරු වේවී - ජනපති ට්‍රම්ප්
Mobitel 1278

ලෝකයේ අතිශය වැදගත් සහ සංවේදී මුහුදු මාර්ගයක් වන 'හෝමුස් සමුද්‍ර සන්ධියේ' පාලනය අමෙරිකාව සතු කර ගැනීමට ඉඩ ඇති බවත්, එම වැදගත් ජල මාර්ගය ආරක්ෂා කිරීම සහ පාලනය කිරීම වෙනුවෙන්, ප්‍රතිලාභ ලබන රටවල් විසින් අමෙරිකාවට මුදල් ගෙවිය යුතු බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

විදෙස් මාධ්‍ය ජාලයක් වන "ෆොක්ස් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස්" වැඩසටහන සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, "අපි එම සමුද්‍ර සන්ධිය අපේ භාරයට ගෙන එහි පාලනය ක්‍රියාත්මක කිරීමට හැකියාව තියෙනවා. අපි එහි භාරකරු බවට පත්වේවි. සමහරවිට අපි එයට 'සමුද්‍ර සන්ධියේ ආරක්ෂක දේවදූතයා' (Guardian Angel) කියලා කියාවි. ඒ වගේම අප කරන ඒ සේවයට අපට මුදල් ගෙවිය යුතුයි," යනුවෙනි.

ගෝලීය බොරතෙල් සැපයුමෙන් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය, මේ වන විට අමෙරිකා-ඉරාන ගැටුමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත.

ඉරානය විසින් මෙම මුහුදු මාර්ගය අවහිර කිරීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බලශක්ති මිල ඉහළ ගොස් ඇති අතර ගෝලීය උද්ධමනය පිළිබඳ බියක්ද නිර්මාණය වී තිබේ.

"අපි එය ආරක්ෂා කරනවා. ඒ වෙනුවෙන් අපට විශාල මුදලක් ලැබිය යුතුයි. අනෙක් රටවල් ඉතා ධනවත්. ඔවුන් සිටින්නේ අපේ පැත්තේ. ඒ නිසා නිකන්ම මේ දේ කරයි කියලා අපෙන් බලාපොරොත්තු වෙන්න බැහැ," යැයි ට්‍රම්ප් වැඩිදුරටත් පැවසීය.

අනුමැතියකින් තොරව නෞකා ගමනාගමනය සිදු වූ බව පවසමින් ඉරානය පසුගිය සෙනසුරාදා මෙම මුහුදු මාර්ගය වසා දැමූ අතර, එහි සාමය සහ ස්ථාවරත්වය ඇති වන තෙක් ගමනාගමන බලපත්‍ර නිකුත් නොකරන බව ඉරානය ප්‍රකාශ කර තිබුණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ, "අපි ඔවුන් සමඟ එකඟතාවකට පැමිණ සිටියා. නමුත් ඔවුන් එය කඩ කළා. ඔවුන් සැමවිටම ගිවිසුම් කඩ කරනවා. අපි මේ වන විට ඔවුන් එක්ක ගිවිසුම් 10ක් විතර ගහලා තියෙනවා. ඒ නිසා මෙවර අපි ඔවුන්ට ඉතා දැඩි ලෙස ප්‍රහාර එල්ල කරනවා," යනුවෙනි.

පසුගිය සති අන්තයේ සිට අමෙරිකානු සහ ඉරාන බලකායන් අතර දරුණු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරු වී ඇති අතර, ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කළ බව ඉරානය තහවුරු කර තිබේ. මෙම තත්ත්වය හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම වසා තැබීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතී.

MostRead
Mobitel 1278
VideoStories
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana