
ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගය නියෝජනය කරන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජුලි 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
රිපිටර් වර්ගයේ ගිනිඅවියක් නීති විරෝධීව සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ පසුගිය 11 දින ගාල්ල අපරාධ කොට්ඨාශය මගින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අනුව, අද (13) බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බලපිටිය මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි මහත්මිය විසින් මෙලෙස නියෝග කරන ලදී.


















































