header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මෙරට HIV වෛරසය ගැන භයානක හෙළිදරව්වක්
Jul 13, 202602:36 PM
මෙරට HIV වෛරසය ගැන භයානක හෙළිදරව්වක්
Mobitel 1278

මෙරටින් HIV වෛරසය වැළඳුණු රෝගීන් වාර්තා වීම වසරින් වසර වැඩි අගයක් ගන්නා බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය පවසයි.

අද (13) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙනුයේ මේ අතරින් කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් රොගීන් වාර්තා වීම වැඩි අගයක් ගන්නා බවය.

පසුගිය 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ ගත් විට HIV වෛරසය වැළඳුණු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි ද පැවැසූ විශේෂඥ වෛද්‍යවරිය මේ අතරින් පිරිමි පාර්ශ්වය අතර රෝගය වැළඳීම ඉහළ අගයක් ගෙන ඇති බවද පැවසුවාය.

HIV වෛරසය වැළඳීම අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් පැවැත්වීම ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකි බවත් පැවසූ වෛද්‍යවරිය මීට අමතරව අනාරක්ෂිත ලිංගික හැසිරීම් සහ මත්ද්‍රව්‍ය එන්නත් කිරීමේ ක්‍රම සඳහා එන්නත්කටු, සිරින්ජර් සහ වෙනත් උපකරණ හවුලේ භාවිතා කිරිම සහ බෙදාගැනීම ආදියද බලපාන බවද වෛද්‍යවරිය පැවසුවාය.

විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නේ HIV වෛරසය වැළඳීමෙන් පසු එය 100%ක් සුව කළ නොහැකි බවත් යම් අයෙකුට HIV වෛරසය වැළඳී ඇත්නම් ඔහු දීර්ඝ කාලීන සායනික ප්‍රතිකාර සහ අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම නිරන්තර ලබා ගත යුතු බවත්ය.

එමෙන්ම යම් අයෙකුට අඩු වයසකින් HIV වෛරසය වැළඳුණහොත් ඔහු හෝ ඇය ජීවිත කාලයටම ප්‍රතිකාර සහ ඖෂධ භාවිත කළ යුතු බවත් වෛද්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

HIV/STI සහ හෙපටයිටිස් ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග හඳුනාගැනීමට සහ ව්‍යාප්තිය අවම කිරීමට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ජංගම සායන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයිද වෛද්‍යවරිය මෙහිදී පැවසුවාය.

එහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන මඟින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන විශේෂ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වර්ෂයේ ජනවාරි මස ආරම්භ කර ඇති බවත් ජනගහණය සහ අවදානම් තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කර කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන බවත් පෙන්වා දුන්නාය.

එහිදී මහජනතාව අතරට ගොස් ඔවුන්ගේ කැමැත්ත සහ පෞද්ගලිකත්වය උපරිමයෙන් සුරැකෙන පරිදි නොමිලේ සේවා ලබාදීමට මෙහිදී කටයුතු යොදා ඇති බවද ඇය සඳහන් කළාය.

එහිදී පරීක්ෂණ වාර්තාවල රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම සුරකින අතර, යම් හෙයකින් රෝගී තත්ත්වයක් හෝ ආසාදනයක් හඳුනාගතහොත් ඔවුන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර නොමිලේ ලබාදීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන මඟින් සියලු කටයුතු යොදා ඇති බවද වෛද්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය,

"සමහර රටවල්වල HIV වැඩි වෙනවා සමහර රටවල්වල HIV අඩු වෙනවා. ශ්‍රී ලංකාවේ HIV වාර්තා වීම අඩු ප්‍රවනතාවයක් තිබුණාට වාර්තා වීම් තිබෙනවා. අපි රිපෝට් බැලුවාම හැම අවුරුද්දෙම එකතුවෙන රෝගීන් බැලුවාම සාමාන්‍යෙයන් වැඩියෙන් වැඩියෙන් එකතු වීගෙන එන්නේ. ඒ කියන්නේ 2023, 2024, 2025 ගත්තාම ටිකක් වැඩියෙන් එකතු වෙනවා. ඒ රිපෝට් බැලුවාම ඒ අතරින් බැලුවාම පිරිමි අය අතර ගැහැණු අය අතරට වඩා ටිකක් වැඩියෙන් පේනවා. ඒක බැලුවොත් අපි ගැහැණු පිරිමි සම්බන්ධයකින් බැලුවාම දෙකම සාමන වෙන්න ඕනේ. ඒ වුණාට මේක ගොඩක් වැඩි පිරිමි අය අතර මේක සමහර වෙලාවට අනාරක්ෂිත ලිංගික සම්බන්ධකමත් මීට හේතුවක් වෙන්න පුළුවන්. මේක අපි බැලුවාම ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ එකතු වෙන ගාණ වැඩියි. කොළඹ සහ ගම්පහ ගත්තාම වැඩි පිරිසක් ඉන්න ප්‍රදේශයක් ඒ නිසා අනිත් ප්‍රදේශ එක්ක ගත්තාම වැඩියෙන් වාර්තා වෙන්නේ ඒ ප්‍රදේශවලින්."

MostRead
Mobitel 1278
VideoStories
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana