
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියට අවසන් ගෞරව දැක්වීව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්විය.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත අතර, දේහය මේ වනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.
කලක් අසනීප තත්ත්වයෙන් පසු වූ මරියසෙල් ගුණතිලක මහත්මිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 10වැනිදා අලුයම අභාවප්‍රාප්ත විය.

















































