header logo
SLIC
සයුරෙන් එතෙර
දකුණු චීන මුහුදේ ගැටලුව පිළිබඳ විනිශ්චයන් දීමට ජපානයට කිසිදු අයිතියක් නොමැති බව චීනය අවධාරණය කරයි
Jul 13, 202608:22 AM
දකුණු චීන මුහුදේ ගැටලුව පිළිබඳ විනිශ්චයන් දීමට ජපානයට කිසිදු අයිතියක් නොමැති බව චීනය අවධාරණය කරයි
Mobitel 1278

දකුණු චීන මුහුද හා සම්බන්ධ ගැටලුව පිළිබඳ විනිශ්චයන් ලබා දීමට ජපානයට කිසිදු අයිතියක් නොමැති බව චීනය දැඩිව අවධාරණය කර සිටී.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තු නිලධාරියෙකු චීනයේ පිහිටි ජපාන තානාපති කාර්යාලයේ ප්‍රධාන අමාත්‍යවරයා කැඳවා කළ අදහස් දැක්වීමකදී මේ බව සඳහන් කර ඇත.

දකුණු චීන මුහුද හා සම්බන්ධ ගැටලුව පිළිබඳව ජපානයට ඓතිහාසික වගකීම් ඇතත්, ඔවුන් ඒ පිළිබඳ කිසිදු තැකීමක් කර නොමැති බැවින්, ඒ පිළිබඳ විනිශ්චයන් දීමට ජපානයට කිසිදු අයිතියක් නොමැති බව චීන පාර්ශ්වය එහිදී පෙන්වා දී තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ, ඊනියා "දකුණු චීන මුහුදු බේරුම්කරණ තීන්දුව" නිකුත් කර වසර 10කට පසු නැවතත් එය හුවා දැක්වීම සඳහා ජපාන විදේශ අමාත්‍ය තොෂිමිට්සු මොටෙගි (Toshimitsu Motegi) පියවර ගැනීම සහ ජපානය වෙනත් රටවල් සමඟ එක්ව ඒ පිළිබඳ‍ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුවය.

මේ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය සහ විරෝධය පළ කරමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තුව, අදාළ ජපාන නිලධාරියා වෙත බරපතළ ලෙස කරුණු දැක්වීමක් සිදු කර ඇත.

එහිදී චීනය දැඩිව අවධාරණය කර ඇත්තේ ජපානයේ මෙවැනි අශෝභන ප්‍රකාශ සහ ක්‍රියාවන් පශ්චාත් යුද ජාත්‍යන්තර ක්‍රියාපටිපාටියට සහ ජාත්‍යන්තර නීතියේ ආධිපත්‍යයට ද අභියෝගයක් වන බවය.

එමෙන්ම ජපානයේ මෙම දෙබිඩි පිළිවෙත, දකුණු චීන මුහුදු කලාපයේ සාමය සහ ස්ථාවරත්වය අඩාල කරමින් කලාපීය රටවල පොදු අවශ්‍යතා සහ අභිලාෂයන්ට පටහැනිව ක්‍රියා කරන බව චීනය පවසයි.

ජපානයේ මෙම හැසිරීම, ඔවුන් අතීතයේ සිදු කළ ආක්‍රමණශීලී සහ යටත් විජිත ම්ලේච්ඡ ක්‍රියා සම්බන්ධයෙන් වන ඓතිහාසික සිහි කැඳවීමක් බවත්, එය චීනය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව තුළ යළි තැතිගැන්මක් මෙන්ම දැඩි කෝපයක් ද ඇති කරන බවත් චීනය පෙන්වා දී ඇත.

එබැවින් ජපානයේ මෙම ප්‍රකෝප කිරීම් වෙත චීනය අධිෂ්ඨානශීලීව සහ බලගතුව මුහුණ දෙමින්, සිය භෞමික ස්වෛරීභාවය මෙන්ම සමුද්‍රීය අයිතිවාසිකම් සහ අවශ්‍යතා ස්ථිරව ආරක්ෂා කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර තිබේ.

තවද, තායිවාන ගැටලුව, ජපානය විසින් අතහැර දමා ඇති රසායනික අවි සහ චීනයේ වාර්ගික ප්‍රතිපත්ති යනාදිය සම්බන්ධයෙන් ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදු කර තිබෙන පදනම් විරහිත ප්‍රකාශ සහ එරට හමුදාව හා ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන ඍණාත්මක ප්‍රවණතා මාලාවක් පිළිබඳව ද චීනය මෙහිදී දැඩි විරෝධය පළ කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව