header logo
SLIC
උණුසුම් පුවත්
තනිකඩයින්ට සහකරුවන් සොයාදෙන දකුණු කොරියාවේ පන්සල
Jul 12, 202606:29 PM
තනිකඩයින්ට සහකරුවන් සොයාදෙන දකුණු කොරියාවේ පන්සල
Mobitel 1278

ලොව උපත් අනුපාත වේගයෙන්ම පහත වැටෙන රටවල් අතර පෙරමුණේ පසුවන දකුණු කොරියාව, එම තත්ත්වයෙන් මිදීම සඳහා මේ වන විට වැඩපිළිවෙළ රැසක් ආරම්භ කර තිබේ.

2023 වසරේ නිල දත්ත වාර්තාවලට අනුව, දකුණු කොරියාවේ සශ්‍රීකත්ව අනුපාතය (කාන්තාවකගේ ජීවිත කාලය තුළ බිහිකරන සාමාන්‍ය දරුවන් සංඛ්‍යාව) 0.72ක් දක්වා අසාමාන්‍ය ලෙස පහත වැටී ඇත.

රටක ජනගහනය ස්ථාවරව පවත්වා ගැනීමට තිබිය යුතු අවම සශ්‍රීකත්ව අනුපාතය 2.1ක් වන අතර, ඒ අනුව මෙම තත්ත්වය ඊට වඩා දැවැන්ත අඩුවීමකි.

දකුණු කොරියාව තුළ මෙවැනි බරපතළ ජනගහන අර්බුදයක් නිර්මාණය වීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ තරුණ ප්‍රජාව විවාහ වීම සඳහා දක්වන උනන්දුව අඩුවීමයි.

ඊට හේතු රැසක් බලපා තිබේ. ඉහළ යන ජීවන සහ නිවාස වියදම්, තරුණ පිරිස්වලට තනිව නිවසක් මිලදී ගැනීමට හෝ කුලියට ගැනීමට ඇති අපහසුව, ළමා සුරැකුම් වියදම්, දරුවන් ඇති දැඩි කිරීම සඳහා අධික මූල්‍ය ශක්තියක් වැය කිරීමට සිදුවීම ඒ අතරින් ප්‍රධාන වේ.

තවද වත්මන් කොරියානු කාන්තාවන් විවාහයට වඩා තමන්ගේ රැකියාවලට සහ වෘත්තීය දියුණුවට ප්‍රමුඛත්වය ලබාදීම, පෙම් සබඳතා කෙරෙහි ඇති අලස බව, වර්තමාන තරුණ තරුණියන් පෙම් සබඳතා පැවැත්වීම කෙරෙහි දක්වන උනන්දුව අවම වීමද එම තත්ත්වය ඇතිවීමට බලපා ඇත.

කෙසේ වෙතත් ඇතැම් තරුණ පිරිස් ස්වකැමැත්තෙන්ම තනිකඩව සිටීමට තීරණය කර තිබුණද, තවත් බොහෝ පිරිසක් තමන්ට ගැළපෙන සහකරුවෙකු හෝ සහකාරියක සොයාගත නොහැකිව දැඩි අසීරුතාවකට පත්ව සිටින බවද අනාවරණය වී ඇත.

රජයේ සහ ආගමික අංශ මැදිහත්වී පහළ වැටෙන උපත් අනුපාත අර්බුදයෙන් රට බේරාගැනීම සඳහා මේ වන විට සුවිශේෂී පියවර රැසක් ගෙන තිබේ.

ඒ යටතේ දිගු දෙමාපිය නිවාඩු ලබාදීම, ළදරුවන් වෙනුවෙන් විශේෂ මූල්‍ය දීමනා පිරිනැමීම සහ අලුත විවාහ වූවන් සඳහා සහන මිලට මහල් නිවාස ලබාදීම වැනි වැඩපිළිවෙළ ක්‍රියාත්මකය.

රජයේ මෙම උත්සාහයට ශක්තියක් වෙමින්, දකුණු කොරියාවේ ප්‍රසිද්ධ බෞද්ධ පන්සලක් වන 'ඩොන්ග්වාසා' පන්සල ද අපූරු පියවරක් ගෙන තිබේ.

රාජ්‍ය අනුග්‍රහයද ඇතිව එම පන්සල මගින් තනිකඩ තරුණ තරුණියන් උදෙසා එකිනෙකා හඳුනා ගැනීමේ විශේෂ හමුවීම් සහ විවාහ මංගල්‍ය උත්සව සංවිධානය කරනු ලබයි.

එහිදී තරුණ දෙපාර්ශ්වය එකතු කර, ඔවුන් අතර අවබෝධය ගොඩනඟා විවාහය දක්වා යොමු කිරීමත්, ඉන් අනතුරුව දරුවන් ලැබීමේ වැදගත්කම පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමත් සිදු කෙරේ.

මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ හේතුවෙන් කොරියානු සමාජය තුළ මේ වන විට යහපත් ප්‍රවණතාවක් මතුවෙමින් පවතී.

පසුගිය මාර්තු මාසයේ කරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ, වසර දෙකකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව මේ වන විට අවිවාහක පුද්ගලයන්ගේ විවාහ වීමේ සහ දරුවන් බිහිකිරීමේ කැමැත්ත 10% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව