header logo
SLIC
උණුසුම් පුවත්
දකුණු අප්‍රිකානු පාපන්දු තරුව ජේඩන්ගේ අබිරහස් මරණය
Jul 12, 202604:45 PM
දකුණු අප්‍රිකානු පාපන්දු තරුව ජේඩන්ගේ අබිරහස් මරණය
Mobitel 1278

2026 FIFA ලෝක කුසලාන තරඟාවලියේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ 25 හැවිරිදි සුපිරි පාපන්දු ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් ගේ හදිසි අභාවය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

කේප් ටවුන් නුවර මධ්‍යයේ පිහිටි ෂොට්ෂෙක්ලූෆ් ප්‍රදේශයේ නිවසක තිබී ඊයේ (11) උදෑසන මෙම තරුණ ක්‍රීඩකයාගේ මළසිරුර සොයාගෙන ඇත.

ජේඩන්ගේ මරණයට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර, ක්‍රීඩා බලධාරීන් මාධ්‍ය සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම දුෂ්කර අවස්ථාවේදී පවුලේ අයට සහ මැමෙලොඩි සන්ඩවුන්ස් ක්‍රීඩා සමාජයට අවශ්‍ය පෞද්ගලිකත්වය ලබා දෙන ලෙසයි.

නිල තොරතුරු නියමිත වේලාවට අදාළ අංශ විසින් දැනුම් දෙනු ඇතැයි ද, එතෙක් නිවැරදි නොවන කටකතා ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.

2022 වසරේදී ජාතික කණ්ඩායමට එක්වූ ජේඩන් ඇඩම්ස්, මෙවර ලෝක කුසලාන තරඟාවලියේ චෙක් ජනරජයට එරෙහිව පැවැති තීරණාත්මක තරඟයට ක්‍රීඩා කළේ තරඟය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර තමාට බෙහෙවින් ආදරය කළ මිත්තණිය මියගිය බව දැන දැනමය. පෞද්ගලික වියෝවන් හමුවේ වුවද ඔහු රට වෙනුවෙන් දැක්වූ කැපවීම කාගේත් ඇගයීමට ලක්විය.

දකුණු අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයින්ගේ සංගමය (SAFPU) ප්‍රකාශ කළේ, ජේඩන්ගේ අකල් වියෝව රටටම පියවිය නොහැකි විශාල පාඩුවක් බවය.

ඔහු සිය වෘත්තීය ක්‍රීඩා දිවිය 'ස්ටෙලන්බොෂ්' (Stellenbosch FC) කණ්ඩායමෙන් ආරම්භ කර ඇත.

2025 ජනවාරි මාසයේදී ඔහු 'මැමෙලොඩි සන්ඩවුන්ස්' කණ්ඩායමට එක්ව ඇති අතර එහිදී ලීග් ශූරතාව සහ අප්‍රිකානු චැම්පියන්ස් ලීග් (CAF) ශූරතාව දිනා ගැනීමට සමත් ව තිබේ.

2023 අප්‍රිකානු කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඔහු, 2026 ලෝක කුසලානයේදී දකුණු අප්‍රිකාව ඉතිහාසයේ පළමු වතාවට පිළිමළුන් පිටුදැකීමේ (Knockout) වටය වෙත රැගෙන යාමට කැපී පෙනෙන මෙහෙවරක් කළේය.

ජේඩන්ගේ අභාවය වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති Gianni Infantino මහතා ද සිය කණගාටුව පළ කර තිබේ.

ඔහුගේ අකල් මරණය හේතුවෙන් ලොව පුරා පාපන්දු ලෝලීන්, සගයන් සහ ක්‍රීඩා සමාජ සිය දැඩි ශෝකය ප්‍රකාශ කරමින් සිටී.

ඇඩම්ස්ගේ උපදේශකයෙකු මාධ්‍ය වෙත පවසා සිටියේ මෙම හදිසි අභාවය පවුලේ අයට සහ මිතුරන්ට අදහාගත නොහැකි කම්පනයක් වී ඇති බවය. ලෝක කුසලානය නිමා කර සිය රටට පැමිණි ඇඩම්ස් ඉතා සතුටින් සහ ඉදිරි තරග වාරය පිළිබඳ දැඩි බලාපොරොත්තුවකින් පසු වූ බව ඔහු පවසා තිබේ.

ජේඩන් ඇඩම්ස්ගේ මරණයට හේතුව මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැති බව විදෙස් පුවත් පවසයි.

සිය ලෝක කුසලාන සිහිනය සැබෑ කරගෙන සති කිහිපයක් යන්නට මත්තෙන්, දකුණු අප්‍රිකාවේ බලාපොරොත්තු තැබිය හැකි දීප්තිමත් පාපන්දු තරුවක් මෙසේ නිවී ගොස් තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව