header logo
SLIC
උණුසුම් පුවත්
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි
Jul 12, 202611:41 AM
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි
Mobitel 1278

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා වන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 74 වන වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු 2012 වසරේදී මෙරට සංචාරයක නිරත වූයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙනි.

එය කටාර් රාජ්‍ය නායකයෙකු මෙරට සිදුකළ ඉතිහාසයේ පළමු රාජ්‍ය සංචාරය ද විය.

මිත්‍රශීලී මෙන්ම ආකර්ශනීය පෞරුෂයකින් හෙබි ''Father Emir'' ලෙස සැලකෙන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි 1995 වසරේදී එරට බලයට පත් විය.

නවීන කටාර් රාජ්‍යයේ නිර්මාණකරු ලෙස සැලකෙන ඔහු, එරට සංවර්ධන, ප්‍රතිසංස්කරණ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සිදු කිරීමට පියවර ගත්තේය.

ඔහුගේ පාලන කාලය තුළ කටාර් රාජ්‍යයේ දළ දේශීය නිෂ්පාදිතය 24 ගුණයකට වඩා වැඩි කිරිමට සමත් වූ අතර, 2006 වන විට ස්වාභාවික වායු අපනයනය කරන ලොව විශාලතම රට බවට පත් කිරීමට ද ඔහු සමත් විය.

ඉන් වසර හතරකට පසු කටාර්හි වාර්ෂික LNG නිෂ්පාදන ධාරිතාව ටොන් මිලියන 77 දක්වා ඉහළ නැංවීමට හැකි වූ බව එරට රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දී තිබේ.

ඔහුගේ පාලන සමය තුළ 'කටාර් පදනම' පිහිටුවීම, 1996 දී ලොව ප්‍රමුඛතම 'අල් ජසීරා' (Al Jazeera) පුවත් නාලිකාව ආරම්භ කිරීම, 2004 දී කටාර්හි ප්‍රථම ස්ථිර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීම සහ කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට මෙන්ම අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට අයිතිය ලබා දෙමින් පළාත් පාලන මැතිවරණ හඳුන්වා දීම වැනි සුවිශේෂී ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ රැසක් සිදු විය.

එසේම ඔහුගේ නායකත්වය යටතේ 'කටාර් ජාතික දැක්ම 2030' (Qatar National Vision 2030) ප්‍රතිපත්තිය දියත් කළ අතර, 2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමේ සත්කාරක අයිතිය දිනා ගැනීමටද කටාර් රාජ්‍යය සමත් විය.

1952 ජනවාරි මාසයේදී දෝහා නුවර උපත ලැබූ ෂෙයික් හමාඩ්, බ්‍රිතාන්‍යයේ සෑන්ඩ්හර්ස්ට් රාජකීය හමුදා ඇකඩමියෙන් (Royal Military Academy Sandhurst) උපාධිය ලබා පසුව කටාර් සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරියා බවට පත්විය.

1977 දී ආරක්ෂක අමාත්‍යවරයා බවට පත් වූ ඔහු, 1995 ජූනි 27 දින එමීර්වරයා ලෙස බලයට පත් විය.

පසුව 2013 ජූනි 25 දින ඔහු එම ධුරය සිය කැමැත්තෙන්ම සිය පුත් ෂීක් තමීම් බින් හමාඩ් අල් තානි (Sheikh Tamim bin Hamad Al Thani) වෙත පවරන ලදී.

සිය ධුරයෙන් ඉල්ලා අස්වෙමින් සහ එවකට 33 හැවිරිදි වියේ පසුවූ සිය පුත්‍රයා වෙත බලය හුවමාරු කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ෂෙයික් හමාඩ් "මේ මාතෘභූමියේ දරුවනි, අනාගතය රැඳී තිබෙන්නේ ඔබ ඉදිරියෙහිය. තරුණ නායකත්වයක් පෙරටු කරගනිමින් ඔබ මේ පිවිසෙන්නේ නව යුගයකටයි." ලෙස පවසා ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව