
ලග්ගල, කිවුලවාඩිය ප්‍රදේශයේදී වන අලියෙකු සිදුකළ පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබේ.
ඇය අසල නිවසකට ගමන් කරමින් සිටින අතරතුර කිවුලවාඩිය - කරමාන මාර්ගයේදී මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බව පොලිසිය පැවසීය.
වනඅලි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ අදාළ කාන්තාව ලග්ගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි කිවුලවාඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

















































