
මැදපෙරදිග ගැටුම් යළිත් උත්සන්න කරමින් ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
කෙසේ නමුත් එම ඩ්‍රෝන යානා සහ මිසයිල බිම හෙළීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කටයුතු කර ඇතැයිද සඳහන් වේ.
මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් කටාර් සහ බහරේන් ඔවුන්ගේ ආරක්ෂක අනතුරු ඇඟවීම් ඉහළ නංවා ඇති අතර ජනතාවට පවසා ඇත්තේ ආරක්ෂිත ස්ථානයන් හී නවාතැන් ගන්නා ලෙසය.
ඉරානය මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ කලාපයේ අමෙරිකානු කඳවුරු ඉලක්ක කරමිනි.
ඒ අනුව ජොර්දානයේ ප්‍රින්ස් හසන් ගුවන් කඳවුර ඉලක්ක කරගනිමින් ඉරානය බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර තිබේ.
තවද කුවේට් සහ බහරේනයේ අමෙරිකානු හමුදා කඳවුරු කිහිපයක් ඉලක්ක කරමින් ඉරානය ඩ්‍රෝන ප්‍රහාරද එල්ල කර ඇත.

















































