header logo
SLIC
උණුසුම් පුවත්
ඝාතනවලට යතුරුපැදි දුන්න පාතාල කල්ලි සාමාජිකයා අත්අඩංගුවට
Jul 11, 202604:51 PM
ඝාතනවලට යතුරුපැදි දුන්න පාතාල කල්ලි සාමාජිකයා අත්අඩංගුවට
Mobitel 1278

පානදුර සහ කළුතර පොලිස් කොට්ඨාසවල පසුගිය කාලය පුරා සිදුවූ ඝාතන සඳහා යතුරුපැදි සැපයූ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසිනි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 24 හැවිරිදි සැකකරු වලපල පදිංචි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන "වලපල පසියා" නමැති අයෙකි.

සැකකරු සමග යතුරුපැදි දෙකක්, නවතම ආරක්ෂක හිස් වැසුම් 2ක්, ජැකට් 2ක්, ස්මාට් ජංගම දුරකතන 2ක්, බැටරි ආරෝපණ 2ක් ඇස් දෙක පමණක් විවෘත මුහුණ වැසෙන නින්ජා කට්ටල දෙකක්, අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 10කට අධික ප්‍රමාණයක් සහ හොරයින් මත්ද්‍රව‍්‍ය ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

ඩුබායි සුද්දාගේ මත්ද්‍රව‍්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා වන වලපල පසිඳු නොහොත් පසියා නමැත්තා පානදුර සාගර මාවතේ නිවාඩු නිකේතනයක රැඳී සිටින බවට පානදුර කොට්ඨාස බුද්ධි අංශයට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහාන් විශ්වනාත් මහතා ඇතුළු කණ්ඩායමක් පසුගිය 09 වෙනිදා එම නිවාඩු නිකේතනය ඉදිරිපිටදී මත්ද්‍රව‍්‍ය සමඟ සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.

අනතුරුව ඔහුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඩුබායි සුද්දාගේ උපදෙස් මත ඝාතන සඳහා සූදානම් කිරීමට භාරදී තිබූ යතුරුපැදි දෙකක් මෙන්ම ආරක්ෂක හිස් වැසුම් ඇතුළු ජැකට් පින්නවල ප්‍රදේශයේ යතුරුපැදි කාර්මිකයකුගේ නිවසේ තිබී සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

සැකකරු විසින් එම යතුරුපැදි දෙක වර්ණ වෙනස් කර, ස්ටිකර් අලවා, වේගය වැඩිකර ධාවනය කිරීමට හැකිවන පරිදි සකස් කිරීම සඳහා යතුරුපැදි දෙක මීට දින කිහිපයකට පෙර එම කාර්මිකයා වෙත ලබාදී ඇති බවට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ විය.

එම යතුරු පැදි දෙක සමග රැගෙන යන බව පවසා ආරක්ෂක හිස් වැසුම් දෙකක් මෙන්ම නව ජැකට් කාර්මිකයා වෙත වෙත ලබාදී තිබූ බව සඳහන්ය.

අදාළ යතුරුපැදි දෙක සැකකරු අත්අඩංගුවට ගත් දින බණ්ඩාරගම ප්‍රදේශයේ තැබීම සඳහා පෙර දින ඩුබායි සුද්දා උපදෙස් ලබාදී ඇති බවට අනාවරණ වූ බව පොලිසිය කියයි.

එදින සවස් වන විට වේලාව තමන් වෙත වට්සැප් තාක්ෂණය ඔස්සේ පවසන බවට ඩුබායි සුද්දා පැවසූ බව සැකකරු පවසා ඇති බව සඳහන්ය.

සැකකරු අත්අඩංගුවට ගැනීම හේතුවෙන් එදින සිදුකිරීමට නියමිතව තිබූ ඝාතන කිහිපයක් වළක්වා ගත හැකි වූ බව පොලිසියය ප්‍රකාශ කර සිටියි.

සැකකරු මේ අයුරින් පසුගිය කාලය පුරා ඩුබායි සුද්දාගේ උපදෙස් මත පානදුර කුඩු සළින්දුගේ කළුතර නවීන් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ඝාතනය සඳහා යතුරුපැදි සපයා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත.

පොලිස් භාරයට ගත් යතුරුපැදි දෙකේ එන්ජින් සහ චැසි අංක මකා දමා තිබූ බවත් ඒවා සොරා ගත්තේ කුමන ප්‍රදේශයෙන් ද යන්න සැකකරුගෙන් තවදුරටත් විමර්ශන කරන බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව