header logo
SLIC
උණුසුම් පුවත්
දේශගුණික විපර්යාස හමුවේ ඉදිරියේ දී ආපදා සහන කටයුතු අවදානමක
Jul 11, 202604:42 PM
දේශගුණික විපර්යාස හමුවේ ඉදිරියේ දී ආපදා සහන කටයුතු අවදානමක
Mobitel 1278

ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් ඇති වී තිබෙන දේශගුණික විපර්යාස නිසා ඉදිරියේදී මෙරට තුළ ආපදා රැසක් ඇති වීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසයි.

එම මධ්‍යස්ථානයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ කමිටු සාමාජිකයින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේය.

මෑතකදී බලපෑ 'දිට්වා' සුළි කුණාටුව වැනි ආපදා තත්ත්වයන් සමඟ සසඳන කළ යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා ක්‍රියාත්මක වීමට තම ආයතනයේ සිටින සේවකයින්ගේ ධාරිතාවය ප්‍රමාණවත් නොවන බව ද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම රටේ ඕනෑම අයෙකුට ආපදාවක් දැනුම් දිය හැකි පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට රාත්‍රී රාජකාරි සඳහා නිසි නවාතැන් පහසුකම් පවා නොමැති බව ද ඒ මහතා සඳහන් කළේය.

දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක සවස 4.30න් පසු වසා දැමෙන බැවින්, රාත්‍රී කාලයේදී ආපදාවක් සිදුවුවහොත් දුර බැහැර සිටින නිලධාරීන් කැඳවා එම ස්ථානයට යන විට විශාල කාලයක් ගතවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

දැනට පවතින සේවක හිඟයට පිළියමක් ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) එකිනෙක ඒකාබද්ධ කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇති නමුත්, එම ක්‍රියාවලිය සඳහා සැලකිය යුතු කාලයක් ගතවන බැවින් ඒ අතරතුර තවත් සුළි කුණාටුවක් පැමිණියහොත් දැඩි අපහසුතාවයකට පත්වන බව ද හෙතෙම අවධාරණය කළේය.

ලෝකයේ අනෙක් රටවල් තාක්ෂණය හා සම්පත් යොදවමින් ආපදා කළමනාකරණය ශක්තිමත් කරන විට ලංකාවේ එම ක්‍රියාවලිය ඉතා මන්දගාමීව සිදුවන බව පැවසූ ඒ මහතා, රට හමුවේ ඇති බරපතලම අනතුරක් පිළිබඳවද අනාවරණයක් කළේය.

ඒ අනුව, අන්දමන් දූපත් ආශ්‍රිතව සුනාමියක් ඇති වුවහොත් මිනිත්තු 40ක් වැනි කෙටි කාලයකින් රළ පහර ලංකාවට ළඟා වන බවත්, එම කාලය තුළ වෙරළබඩ ජනතාව මිලියන 3.8ක් ඉවත් කිරීම අතිශය දුෂ්කර මෙහෙයුමක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

දැනට මෙරට පවතින සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු ක්‍රියා විරහිත වී ඇති බැවින් ඒවා පිළිසකර කිරීමට මේ වන විට යෝජනා කර ඇති බවත් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා,

''විශේෂයෙන්ම ග්ලෝබල් වෝමින් නිසා ක්ලයිමේට් චේන්ජ් එක ඇතිවෙලා තියෙන්නේ. ඒ නිසා මේ විදිහේ දිට්වා වගේ ආපදා විශාල ප්‍රමාණයක් එන්න පුළුවන්. දිට්වා ආපදා වෙන වෙලාවෙත් අපිට 188ක් වේකන්සි තිබ්බා ආයතනයේ.. ඉතාම අඩු ස්ටාෆ් එකකින් අඩු ප්‍රමාණයකින් තමයි Disaster Management කියන ආයතනය දුවන්නේ. මමත් මේක භාර ගත්තේ ලඟදි. ඇත්තටම දිට්වා සුළි කුණාටුවත් එක්ක කම්පෙයාර් කරනකොට දිට්වා සුළි කුණාටුව අලියෙක් නම්, මැනේජ්මන්ට් එක පොල්කට්ටක් වගේ පොඩි ආයතනයක්. ඒකෙන් අර අලියෙක් වහන්න සිද්ධ වුණා වගේ තමයි අපිට ක්‍රියාත්මක වෙන්න වුණේ...

''ඊළඟට අපේ තියෙනවා එකක් පැය 24ම වැඩකරන ටෙලිෆෝන් පද්ධතියක්. ඒකේ රටේ ඕනෑම කෙනෙකුට 117 දුරකතනයට කතා කරලා Disaster එකක් දැනුම් දෙන්න පුළුවන්. ඒ දැනුම් දෙන කොට ඒකට අනුව අපි ඒක Emergency Operation එකට දීලා මුළු ලංකාවම කෝඩිනේට් කරනවා. ඒ Emergency Operations Center එකේ අපේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අපේ Disaster Management කණ්ඩායමක් ඉන්නවා. නමුත් මේ කට්ටියට නයිට් ඩියුටි කරනවා නවතින්න තැනක්වත් නැහැ. ඔෆිස් එකේ තැන් තැන්වල නිදාගෙන ඉඳලා තමයි ඒගොල්ලෝ පැය 24ම වැඩ කරන්නේ.

ඊළඟට දිස්ත්‍රික්කවල තියෙනවා District Disaster Management Coordination Unit කියලා එකක්. ඒකේ ඉන්නේ ක්ලාක්ලා පස් දෙනයි, ඩිපියුටි ඩිරෙක්ටර්, ඩ්‍රයිවරුයි, පියන් කෙනෙකුයි විතරයි. හැබැයි ඒගොල්ලෝ 4.30 පස්සේ ගෙදර යනවා. 4.30 පස්සේ Disaster එකක් වෙනකොට ඩිරෙක්ටර් ගෙදර ගිහිල්ලා දිස්ත්‍රික්කයෙන් ගොඩාක් ඈත ඉන්නේ.. එයාව එතනට ගෙන්නන්න සෑහෙන්න වෙලාවක් යනවා. එතකොට එයාට කෝල් කරපුවහම එයා කියනවා ඉස්සෙල්ලා කියන්න ඕනේ ඩ්‍රයිවර්ට ඔෆිස් එකට යන්න කියලා. ගිහිල්ලා වාහනේ අරගෙන මගේ ගෙදරට එන්න කියන්න ඕනේ. ඊට පස්සේ එයා යන්න ඕනේ ඇක්ෂන් ගන්න...

මේ ළඟදී National Disaster Management Council එක තිබ්බා. අපේ තව තියෙනවා ආයතනයක් National Disaster Relief Service Center කියලා. NDRSC කියලා.. මේකයි DMC එකයි මර්ජ් කරනවා. එතකොට ඒකේ ස්ටාෆ් එකත් අපට එකතු කරගෙන ඊට පස්සේ අඩුවක් වුණොත් බඳවා ගැනීමට කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමා ඒ කවුන්සිල් එකේ දී උපදෙස් දුන්නා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී ඒ ප්‍රශ්නේ විසඳෙයි කියලා. හැබැයි මේ ක්‍රමවේදය අනුව මේවට ගොඩක් කාලයක් යනවා. නමුත් ඒ අතරතුර දිට්වා වගේ තව සුළි කුණාටුවක් ආවොත් ඇත්තටම අපි දැඩි අපහසුතාවයකට පත්වෙනවා..

තව එක කාරණයක් කියන්න තියෙනවා. ඒක ඉතාම වැදගත් මේ සභාව දැනුවත් කරන එක. දැන් අපේ ලංකාවට සුනාමි ඇති වෙනකොට අන්දමන් දූපත්වල සුනාමි ඇති වුණොත් විනාඩි හතළිහකින් අපට දැනුම් දීලා විනාඩි හතළිහකින් රළ පහර ලංකාවට එනවා. එතකොට වෙරළාසන්නයේ ඉන්න මිලියන 3.8ක මිනිස්සු අපි විනාඩි 40කින් ඉවත්කරන්න ඕනේ. ඒක පහසු දෙයක් නෙමේ.. සුනාමි ටවර්සුත් වැඩ කරන්නේ නැහැ...''

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව