header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
වාහන ආනයනයට සීමා පැනවීමෙන් වෙළඳපොලෙහි සංකූලතා මතුවීමේ අවදානමක්
Jul 11, 202601:30 PM
වාහන ආනයනයට සීමා පැනවීමෙන් වෙළඳපොලෙහි සංකූලතා මතුවීමේ අවදානමක්
Mobitel 1278

වාහන ආනයනය සඳහා සීමා පැනවීම මඟින් වෙළඳපොල තුළ දැඩි සංකූලතා මතුවීමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්ලේශක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

එමෙන්ම, මෙරට වාහන අවශ්‍යතාවය මේ වන විට යම් මට්ටමකට සපිරී පැවතීම හේතුවෙන්, පසුගිය වසරට සාපේක්ෂව මෙවර වාහන ආනයනයෙන් ලැබෙන බදු ආදායම පහත වැටෙනු ඇති බව ද ඔහු සඳහන් කර සිටී.

ලබන අගෝස්තු 15 වැනිදායින් පසු වාහන ආනයන ප්‍රතිපත්තිය දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳව රජය ගන්නා තීරණය මෙහිදී තීරණාත්මක වනු ඇතු බවද ඒ මහතා පෙන්වා දී ඇත.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකඟතාවලට අනුව අමතර අධිභාර පැනවීමට නොහැකි වුවද, රජය මෙම අධිභාර ඉවත් කළහොත් නැවත වරක් වෙළෙඳපොළ තුළ යම් කම්පනයක් ඇතිවීමේ ඉඩකඩක් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය කාල වකවානුවේ පැවති දැඩි වාහන ඉල්ලුම මේ වන විට බොහෝ දුරට පූර්ණය වී ඇති බැවින් සහ ආනයනකරුවන් ද අවශ්‍ය ප්‍රමාණයට වාහන ගෙන්වා ඇති බැවින් වාහන ලියාපදිංචිය ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස වාහන ආනයන බදු ආදායම පසුගිය වසරේ මට්ටමට ළඟා නොවන බව ඔහුගේ පුරෝකථනය වී තිබේ.

දැනටමත් වාහන සඳහා 150% ක් සහ 200% ක් වැනි අධික තීරුබද්දක් අය කරන බැවින් තවදුරටත් එවැනි බදු පැනවීම අසාධාරණ බව පෙන්වා දෙන ධනනාත් ප්‍රනාන්දු මහතා, රජය එකම පිරිසකගෙන් දිගින් දිගටම බදු අයකර ඔවුන් වෙහෙසට පත් නොකර රජයේ වියදම් නිසි ලෙස කළමනාකරණය කරගත යුතු බව අවධාරණය කර සිටී.

එමෙන්ම ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම හරහා බදු ආදායම යම් ප්‍රමාණයකට වැඩි කරගත හැකි බවත්, එමඟින් මෙරට ආර්ථිකය ඉදිරියට ගමන් කරන බවට වන ශක්තිමත් සංඥාවක් වෙළෙඳපොළ වෙත ලබා දිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරන ධනනාත් ප්‍රනාන්දු මහතා,

"අපේ නම් අදහස තමයි වාහන ආනයනය සඳහා එවැනි සීමා පැනවීම එතරම්ම හොඳ නෑ කියන එක. මොකද ඒ සඳහා වෙළෙඳපොළේ විශාල අපි කියනවා සංකූලතාවයක් ඇතිවෙනවා. මොකද එකපාරටම වාහන ආනයනය නවත්තන්න, අධිභාරයක් ගහපු ගමන්ම වැඩිපුරත් ගිහිල්ලා මිනිස්සු LC ඕපන් කරනවා. ඉතින් දැන් මෙවර අගෝස්තු 15 වෙනිදා වාහන ආනයනය දීර්ඝ කරන්න අපි දන්නෑ රජය මොන වගේ තීරණයක් ගනීද කියලා. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකඟතාවයට අනුකූලවනම්, එහෙම අමතර අධිභාර ගහන්න බෑ. හැබැයි ඉතින් එකපාරට අධිභාරය ඉවත් කරොත් එහෙම, නැවත වරක් එකපාරටම වෙළෙඳපොළට පොඩි කම්පනයක් ඇතිවෙන්න පුළුවන්. අලුතින් LC ඕපන් කරලා, එවැනි දෙයක් වෙලා. ඒ නිසා දීර්ඝ කරයිද නැද්ද කියන එක රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්. අනික් පැත්තෙන් ගත්තට පස්සේ වාහන ආනයනය ක්‍රමයෙන්, අපි කියන්නේ වාහන ආනයනය කරන සංඛ්‍යාව විදිහට දැන් ක්‍රමයෙන් වාහන ලියාපදිංචි වෙන සංඛ්‍යාව යම්කිසි ප්‍රමාණයකට අඩු වෙමින් යන්නේ. වාහන අවශ්‍ය කට්ටිය වාහන ගෙන්නගෙන තිබෙන්නේ. ඒ වගේම මම හිතන්නේ වාහන විකුණන කට්ටියත් අවශ්‍ය ප්‍රමාණයට වාහන ගෙන්නගෙන තියෙන්නේ. ඉතින් ඒ අනුව වාහන ආනයනයෙන් ලැබෙන බදු ආදායමත් ගිය වසරේ තරම්ම ලැබෙන එකක් නැහැ කියන එක තමයි පුරෝකථනය."

"නමුත් වාහනවලට එහෙම අනවශ්‍ය විදිහට තීරුබදු ගහලා, මොකද දැනටමත් 150% ක් 200% ක් වගේ තීරුබද්දක් මේ වාහන සඳහා අයවෙනවා. ඉතින් එවැනි තීරුබද්දක් අය කරන එක එතරම්ම සාධාරණ නැහැ කියන එක තමයි අදහස. අනිත් පැත්තෙන් මෙතනදි කරන්න පුළුවන් දේ තමයි රජය ආදායම් උපයගන්නවා වගේම, මේ ආදායම් උපයගන්න එකම පිරිසකගෙන් නම් ඔවුන් විශාල මහන්සියකට පත්වෙනවා. ඉතින් ඒ නිසා අර බදු ආදායම් වැදගත් වගේම වියදම් කළමනාකරණය කර ගැනීමත් ඉතාමත්ම වැදගත් කියන එක තමයි මේ අවස්ථාවේදී අපිට දැකගන්න අවශ්‍ය වෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අපේ ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ තමයි මේ අවස්ථාවේදී අත්‍යවශ්‍යම. මොකද ඒ හරහා බදු ආදායමත් යම්කිසි ප්‍රමාණයකට වැඩි කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් වෙළඳපොලට සංඥාවක් දෙන්න පුළුවන් අපි ඉස්සරහට යනවා කියලා."

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana