header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
'එල් නිනෝ' නවතම තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
Jul 11, 202609:13 AM
'එල් නිනෝ' නවතම තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
Mobitel 1278

පැසිපික් සාගරය ආශ්‍රිතව හටගෙන ඇති 'එල් නිනෝ' (El Niño) දේශගුණික විපර්යාස තත්ත්වය මේ වන විට ආරම්භ වී දුර්වල මට්ටමක පැවතුණද, ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී එය ප්‍රබල විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගෝලීය කාලගුණ අනාවැකිවලට අනුව මෙම 'එල් නිනෝ' තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසක දේශගුණික විපර්යාස සහ කාලගුණික වෙනස්වීම් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පෙන්වා දෙයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මීට පෙර නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම වසරේ නොවැම්බර් මාසයේ සිට 2027 ජනවාරි දක්වා කාලය තුළ 'එල් නිනෝ' තත්ත්වය ඉතා ප්‍රබල මට්ටමක් දක්වා වර්ධනය වීමේ 63%ක සම්භාවිතාවක් පවතී.

කෙසේ වෙතත් අමෙරිකානු සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය (NOAA) පෙන්වා දෙන්නේ, එය ඉතා ප්‍රබල මට්ටමකට පත් නොවීමේ තුනෙන් එකක (1/3) සම්භාවිතාවක්ද පවතින බවය.

මෙම තත්ත්වයත් සමග දැනට පවතින නිරිතදිග මෝසම් වැසි අඩුවීමක් සිදුවිය හැකි බව පෙන්වා දුන් මෙරිල් මෙන්ඩිස් මහතා, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාපතනයට වඩා වැඩි වැසි තත්ත්වයක් අපේක්ෂා කරන බව පැවසීය.

පවතින ජල ධාරිතාව සහ ඉදිරියේදී ලැබීමට නියමිත වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින්, ජලය දැඩි ලෙස කළමනාකරණය කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි වගා කටයුතු සැලසුම් කිරීම, විදුලි බලශක්ති උත්පාදනය, පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම යන අංශ සඳහා ජලය අරපිරිමැස්මෙන් හා ක්‍රමවත්ව භාවිත කිරීමට කටයුතු කරන බව පැවසීය.

මේ අතර පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසා සිටියේ, මෙම දේශගුණික තත්ත්වයට සාර්ථකව මුහුණදීම සඳහා සියලුම අමාත්‍යාංශ ඒකාබද්ධ කරගනිමින් ඉදිරි සති දෙක ඇතුළත විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට පියවර ගන්නා බවය.

'එල් නිනෝ' බලපෑමෙන් සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා ඉදිරි මහ කන්නයේ වගා කටයුතු නියමිත කාලයට පෙර ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana