header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රටවිරු විශ්‍රාම වැටුපට කුවේට් අරමුදලින් රු.බි. 2.1ක් වෙන් කරයි
Jul 11, 202607:52 AM
රටවිරු විශ්‍රාම වැටුපට කුවේට් අරමුදලින් රු.බි. 2.1ක් වෙන් කරයි
Mobitel 1278

රටවිරුවන් සඳහා වඩාත් විධිමත් සහ ආකර්ෂණීය නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් කඩිනමින් සකස් කරන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකා ජාතික ආර්ථිකයේ ප්‍රධානතම ජීවනාලිය බඳු බවය.

​දැනට ලක්ෂ 17ක පමණ පිරිසක් විදේශ රැකියාවල නිරත වන අතර, 2025 වසරේදී මෙරට ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා වී ඇතත්, වත්මන් විශ්‍රාම වැටුප් ක්‍රමය තුළ ලියාපදිංචි වී ඇත්තේ ශ්‍රමිකයන් 307ක් වැනි අවම පිරිසක් බවත් සඳහන් කළේය.

පවතින ක්‍රමවේදයේ ඇති ප්‍රතිලාභයන්හි ස්වභාවය හඳුනාගෙන ඊට පිළියම් ලෙස මෙම නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.

​මෙහිදී සියලුම ශ්‍රමිකයන්ට එකම ආකාරයේ ක්‍රමවේදයක් වෙනුවට, ඔවුන්ගේ සේවා කාලය සහ ආදායම් මට්ටම් අනුව තෝරාගත හැකි නම්‍යශීලී විකල්ප සකස් කෙරෙනු ඇත.

ඒ අනුව සේවා කාලය අවසානයේ මාසික විශ්‍රාම වැටුපක් ලෙස හෝ කල් පිරුණු පසු එකවර ලැබෙන ස්ථාවර මුදලක් ලෙස ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රමිකයාට නිදහස හිමිවෙයි.

කුවෙට් අරමුදලින් රටවිරු විශ්‍රාම වැටුප් ක්‍රමවේදය සඳහා රු. බිලියන 2.1ක් වෙන් කර ඇති අතර, 2026 දෙසැම්බර් 31 වැනිදාට පෙර මෙහි සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වීමට රජය බැඳී සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

​තාක්ෂණික පරිවර්තනයක් සමඟින් විදේශගත ශ්‍රමිකයන් මෙරටට නීත්‍යානුකූලව එවන ප්‍රේෂණ නිවැරදිව වාර්තා කරගැනීම සඳහා ඉදිරියේදී විගමණිකයන් සඳහා වූ ප්‍රේෂණ වාර්තාව ලබාගැනීමට ඩිජිටල් අමාත්‍යාංශය හා එක්ව විශේෂිත යෙදවුමක් හදුන්වාදීමේ වැඩපිළිවෙළක්ද සැලසුම් කර ඇත.

මේ හරහා සෑම ශ්‍රමිකයෙකුටම තමන් එවූ සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය පිළිබඳ නිල වාර්තාවක් (Remittance Report) පහසුවෙන් ලබා ගත හැකි අතර, එම දත්ත පදනම් කරගෙන ඔවුන්ට හිමිවන විශ්‍රාම වැටුප් ප්‍රතිලාභය විනිවිදභාවයකින් යුතුව තීරණය කරනු ලබන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

​මෙම සමස්ත සුබසාධන වැඩපිළිවෙළ ශ්‍රමිකයාගේ ස්වේච්ඡා කැමැත්ත මත පමණක් සිදු කෙරෙන අතර ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය ඒකාබද්ධව ඉදිරි කාලය තුළ මෙය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana