header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
යටියන්තොට කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාල පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
Jul 10, 202609:45 PM
යටියන්තොට කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාල පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
Mobitel 1278

යටියන්තොට, කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර හේතුවෙන් හෙට (11) රාත්‍රී කාලයේදී රථවාහන ගමනාගමනය සීමා කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරන්නේ මෙම පෙරහැර හෙට (11) රාත්‍රී 08:00ට ආරම්භ වී පසුදින අලුයම 01:00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිත බවය.

පෙරහැර කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලයෙන් ආරම්භ වී හැටන් - කොළඹ මාර්ගයේ කරවනැල්ල හන්දිය දක්වා ගමන් කර, එතැන් සිට කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ රුවන්වැල්ල වැන්ඳල විහාරස්ථානය අසලට පැමිණ නැවත දේවාලය වෙත ගමන් කිරීමට නියමිතව ඇත.

පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කරවනැල්ල සිට නවට හන්දිය දක්වා මාර්ගය භාවිතා කරන රියදුරන් සඳහා විකල්ප මාර්ග කිහිපයක් හඳුන්වා දී තිබේ.

විකල්ප මාර්ග

හැටන් දෙස සිට කොළඹ දෙසට ගමන් කරන වාහන සඳහා යටියන්තොට නගරයට ගමන් කර පාරුස්සැල්ල, පනාපිටිය මාර්ගයට පිවිස වරාවල හන්දිය දක්වා ගමන් කර වරාවල හන්දියෙන් වමට ඇති කෑගල්ල අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රුවන්වැල්ල නගරයට ගමන් කර රුවන්වැල්ල ඔරලෝසු කණුව අසලින් දකුණු පස නිට්ටඹුව මාර්ගයේ කොට්ටන් ගස් හන්දියට ගමන් කර මහදෙනිය හන්දියෙන් තල්දූව නගරයට පැමිණ ගමන් කර අවිස්සාවේල්ල නගරය හරහා කොළඹ දෙසට ගමන් කිරීමටත්, කැගල්ල දෙස සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කරන වාහන ඉහත පරිදි රුවන්වැල්ල නගරයට පැමිණ ඉහත මාර්ගයේ ගමන් කළ හැකිය.

කොළඹ දෙස සිට හැටන් දෙසට ගමන් කරන වාහන තල්දූව හන්දියෙන් වම් පසට ඇති අමිතිරිගල මාර්ගයේ ගමන් කර මහදෙනිය හන්දියෙන් කොට්ටන්ගස් හන්දියට පැමිණ රුවන්වැල්ල නගරයේ ඔර්ලෝසු කණුව අසලින් වමට හැරී වරාවල හන්දියෙන් දකුණු පසට ඇති බුලත්කොහුපිටිය මාර්ගයට ප්‍රවේෂ වී පාරුස්සැල්ල යටියන්තොට මාර්ගයෙන් යටියන්තොට නගරයට පිවිස හැටන් දෙසට ගමන් කල හැකිය.

කොළඹ දෙස සිට හැටන් දක්වා හා හැටන් දෙස සිට කොළඹ දක්වා ගමන් කරන ත්‍රිරෝද රථ හා යතුරු පැදි පමණක් යටියන්තොට ගරාගොඩ මාගම්මන මාර්ගය ඔස්සේ ගමන් කර කෑගල්ල අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට පිවිස ඉහත මාර්ග ඔස්සේ ගමන් කල හැකිය.

පෙරහැර හේතුවෙන් සිදුවන අපහසුතාවයන් මඟහරවා ගැනීම සඳහා මෙම විකල්ප මාර්ග භාවිතා කරමින් සහයෝගය දක්වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

2026.07.10 පැය 1900 යටියන්තොට - රථවාහන ගමනාගමනය සීමා කිරීම - by poornima

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana