header logo
SLIC
උණුසුම් පුවත්
යටියන්තොට කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාල පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
Jul 10, 202609:45 PM
යටියන්තොට කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාල පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
Mobitel 1278

යටියන්තොට, කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර හේතුවෙන් හෙට (11) රාත්‍රී කාලයේදී රථවාහන ගමනාගමනය සීමා කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරන්නේ මෙම පෙරහැර හෙට (11) රාත්‍රී 08:00ට ආරම්භ වී පසුදින අලුයම 01:00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිත බවය.

පෙරහැර කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලයෙන් ආරම්භ වී හැටන් - කොළඹ මාර්ගයේ කරවනැල්ල හන්දිය දක්වා ගමන් කර, එතැන් සිට කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ රුවන්වැල්ල වැන්ඳල විහාරස්ථානය අසලට පැමිණ නැවත දේවාලය වෙත ගමන් කිරීමට නියමිතව ඇත.

පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කරවනැල්ල සිට නවට හන්දිය දක්වා මාර්ගය භාවිතා කරන රියදුරන් සඳහා විකල්ප මාර්ග කිහිපයක් හඳුන්වා දී තිබේ.

විකල්ප මාර්ග

හැටන් දෙස සිට කොළඹ දෙසට ගමන් කරන වාහන සඳහා යටියන්තොට නගරයට ගමන් කර පාරුස්සැල්ල, පනාපිටිය මාර්ගයට පිවිස වරාවල හන්දිය දක්වා ගමන් කර වරාවල හන්දියෙන් වමට ඇති කෑගල්ල අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රුවන්වැල්ල නගරයට ගමන් කර රුවන්වැල්ල ඔරලෝසු කණුව අසලින් දකුණු පස නිට්ටඹුව මාර්ගයේ කොට්ටන් ගස් හන්දියට ගමන් කර මහදෙනිය හන්දියෙන් තල්දූව නගරයට පැමිණ ගමන් කර අවිස්සාවේල්ල නගරය හරහා කොළඹ දෙසට ගමන් කිරීමටත්, කැගල්ල දෙස සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කරන වාහන ඉහත පරිදි රුවන්වැල්ල නගරයට පැමිණ ඉහත මාර්ගයේ ගමන් කළ හැකිය.

කොළඹ දෙස සිට හැටන් දෙසට ගමන් කරන වාහන තල්දූව හන්දියෙන් වම් පසට ඇති අමිතිරිගල මාර්ගයේ ගමන් කර මහදෙනිය හන්දියෙන් කොට්ටන්ගස් හන්දියට පැමිණ රුවන්වැල්ල නගරයේ ඔර්ලෝසු කණුව අසලින් වමට හැරී වරාවල හන්දියෙන් දකුණු පසට ඇති බුලත්කොහුපිටිය මාර්ගයට ප්‍රවේෂ වී පාරුස්සැල්ල යටියන්තොට මාර්ගයෙන් යටියන්තොට නගරයට පිවිස හැටන් දෙසට ගමන් කල හැකිය.

කොළඹ දෙස සිට හැටන් දක්වා හා හැටන් දෙස සිට කොළඹ දක්වා ගමන් කරන ත්‍රිරෝද රථ හා යතුරු පැදි පමණක් යටියන්තොට ගරාගොඩ මාගම්මන මාර්ගය ඔස්සේ ගමන් කර කෑගල්ල අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට පිවිස ඉහත මාර්ග ඔස්සේ ගමන් කල හැකිය.

පෙරහැර හේතුවෙන් සිදුවන අපහසුතාවයන් මඟහරවා ගැනීම සඳහා මෙම විකල්ප මාර්ග භාවිතා කරමින් සහයෝගය දක්වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

2026.07.10 පැය 1900 යටියන්තොට - රථවාහන ගමනාගමනය සීමා කිරීම - by poornima

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව