header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි
Jul 10, 202608:12 PM
ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි
Mobitel 1278

බස්නාහිර පළාතේ මදුරු කීට ඝනත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් එම නිසා ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි සති 2 අතිශය අවදානම් බවත් ඩෙංගු කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු අඟවයි.

දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ දැනට සිදුවන ඩෙංගු ව්‍යාප්තියට අනුව මෙම තත්ත්වය 2017 වසරටත් වඩා අවදානම් වනු ඇති බවය.

රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් බස්නාහිර පළාතේ රෝහල්වල ධාරිතාව ද ඉක්මවා ගොස් ඇති අතර, ඇතැම් රෝහල්වල එකම ඇඳෙහි රෝගීන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු බැගින් රඳවා ප්‍රතිකාර කිරීමට සිදුව ඇති බවද ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවීගේ,

''දෙසැම්බර් ජනවාරිවලම අපිට මේක පොඩ්ඩක් පෙනෙන්න තිබුණා. මේ චේන්ජ් එකත් එක්ක එන පොට ටිකක් හොඳ නැහැ කියලා.. මැයි, ජුනි, ජූලි, නිරිත දිග මෝසම් කාලෙට සහ නොවැම්බර්, දෙසැම්බර් ජනවාරි, ඊසානදිග මෝසම් කාලයට අපිට මේ ඩෙංගු වැඩිවීමක් දකින්න ලැබෙනවා. එහෙම තත්වයක් එන කොට අපි ඒකට පෙර සූදානමක් තියෙන්න ඕනේ. දිට්වා එකෙන් පස්සේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසයේ ඉතාමත් අධික උෂ්ණත්වයක් තිබුණනේ.. එතකොට අධික උෂ්ණත්වය තියෙනකොට මදුරුවෝ හැදෙන වේගය අඩුයි..

''ඩෙංගු එන්නත් තුනක් අනුමත කරලා තියෙනවා විවිධ රටවල්වල. ආසියා රටවල්, ඉන්දුනීසියා, පිලිපීන්, තායිලන්ඩ්, වියට්නාම්, මැලේෂියා මේ එන්නත පාවිච්චි කරනවා. ලංකාවට මේක ගේනවා නම් අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා. මේක ගේනවා නම් මේක මේ වසංගතය තත්වයට අඩු කරන්න කිසිම අන්දමකින් වැඩ කරන්නේ නැහැ. මේක ඇත්තටම ඩෝස් දෙකක එන්නතක්. එතකොට එන්නතක් දීලා, ඒක ක්‍රියා කරන්න ටිකක් කල් යනවනේ. ඩෙංගු හැදිලා තියෙනවා නම්, ඒ එන්නතේ ක්‍රියාවලිය ඉතාමත් හොඳයි.''

මේ වන විට දිවයිනෙන් සමස්ත ඩෙංගු රෝගීන් 66,064 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 46ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජූලි මාසයේ ගතවූ දින 9 තුළ පමණක් රෝගීන් 10,685 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඊයේ දිනයේදී පමණක් අලුතින් රෝගීන් 1,030 දෙනෙකු හඳුනාගෙන ඇත.

එමෙන්ම වාර්තා වන සමස්ත රෝගීන්ගෙන් සියයට 52.7ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, මෙතෙක් වැඩිම අවදානමක් පැවති කොළඹ දිස්ත්‍රික්කය ද අභිබවා යමින් මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතී.

මේ අතර පවතින දැඩි අවදානම් තත්ත්වය හමුවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ද සහභාගීත්වයෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් අද දිනයේදීත් ක්‍රියාත්මක කෙරිණි.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana