header logo
SLIC
උණුසුම් පුවත්
ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි
Jul 10, 202608:12 PM
ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි
Mobitel 1278

බස්නාහිර පළාතේ මදුරු කීට ඝනත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් එම නිසා ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි සති 2 අතිශය අවදානම් බවත් ඩෙංගු කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු අඟවයි.

දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ දැනට සිදුවන ඩෙංගු ව්‍යාප්තියට අනුව මෙම තත්ත්වය 2017 වසරටත් වඩා අවදානම් වනු ඇති බවය.

රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් බස්නාහිර පළාතේ රෝහල්වල ධාරිතාව ද ඉක්මවා ගොස් ඇති අතර, ඇතැම් රෝහල්වල එකම ඇඳෙහි රෝගීන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු බැගින් රඳවා ප්‍රතිකාර කිරීමට සිදුව ඇති බවද ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවීගේ,

''දෙසැම්බර් ජනවාරිවලම අපිට මේක පොඩ්ඩක් පෙනෙන්න තිබුණා. මේ චේන්ජ් එකත් එක්ක එන පොට ටිකක් හොඳ නැහැ කියලා.. මැයි, ජුනි, ජූලි, නිරිත දිග මෝසම් කාලෙට සහ නොවැම්බර්, දෙසැම්බර් ජනවාරි, ඊසානදිග මෝසම් කාලයට අපිට මේ ඩෙංගු වැඩිවීමක් දකින්න ලැබෙනවා. එහෙම තත්වයක් එන කොට අපි ඒකට පෙර සූදානමක් තියෙන්න ඕනේ. දිට්වා එකෙන් පස්සේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසයේ ඉතාමත් අධික උෂ්ණත්වයක් තිබුණනේ.. එතකොට අධික උෂ්ණත්වය තියෙනකොට මදුරුවෝ හැදෙන වේගය අඩුයි..

''ඩෙංගු එන්නත් තුනක් අනුමත කරලා තියෙනවා විවිධ රටවල්වල. ආසියා රටවල්, ඉන්දුනීසියා, පිලිපීන්, තායිලන්ඩ්, වියට්නාම්, මැලේෂියා මේ එන්නත පාවිච්චි කරනවා. ලංකාවට මේක ගේනවා නම් අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා. මේක ගේනවා නම් මේක මේ වසංගතය තත්වයට අඩු කරන්න කිසිම අන්දමකින් වැඩ කරන්නේ නැහැ. මේක ඇත්තටම ඩෝස් දෙකක එන්නතක්. එතකොට එන්නතක් දීලා, ඒක ක්‍රියා කරන්න ටිකක් කල් යනවනේ. ඩෙංගු හැදිලා තියෙනවා නම්, ඒ එන්නතේ ක්‍රියාවලිය ඉතාමත් හොඳයි.''

මේ වන විට දිවයිනෙන් සමස්ත ඩෙංගු රෝගීන් 66,064 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 46ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජූලි මාසයේ ගතවූ දින 9 තුළ පමණක් රෝගීන් 10,685 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඊයේ දිනයේදී පමණක් අලුතින් රෝගීන් 1,030 දෙනෙකු හඳුනාගෙන ඇත.

එමෙන්ම වාර්තා වන සමස්ත රෝගීන්ගෙන් සියයට 52.7ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, මෙතෙක් වැඩිම අවදානමක් පැවති කොළඹ දිස්ත්‍රික්කය ද අභිබවා යමින් මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතී.

මේ අතර පවතින දැඩි අවදානම් තත්ත්වය හමුවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ද සහභාගීත්වයෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් අද දිනයේදීත් ක්‍රියාත්මක කෙරිණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව