
කන්තලේ සිට සේරුවිල දක්වා ඇති ප්‍රධාන මාර්ගයේ පෝටන්කාටු ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
සේරුවිල ප්‍රදේශයේ සිට පස් පටවා කන්තලේ ප්‍රදේශයට පැමිණි ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කන්තලේ ප්‍රදේශයේ සිට වාන්ඇල දක්වා ගමන් කළ යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් ටිපර් රථ රියදුරු සහ යතුරුපැදිකරු කන්තලේ මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බව කන්තලේ පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා කන්තලේ වාන්ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කන්තලේ රථවාහන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

















































