header logo
SLIC
උණුසුම් පුවත්
COPE කමිටුවෙන් එළියට ආ පාතාලයේ තර්ජන
Jul 10, 202602:19 PM
COPE කමිටුවෙන් එළියට ආ පාතාලයේ තර්ජන
Mobitel 1278

දේශපාලන බලපෑම්, පාතාල තර්ජන සහ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් පසුගිය සමයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට විශාල මුදලක් අහිමි වී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය වී තිබේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා, කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි කඩකාමරවල බදු ගිවිසුම් යාවත්කාලීන නොකිරීම සහ වාහන නැවැත්වීමේ අංගනවල ආදායම් රැස්කිරීම පිළිබඳව කරුණු විමසූ අවස්ථාවේදී මෙම තොරතුරු හෙළි විය.

මෙහිදී කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා විසින් කරුණු රැසක් අනාවරණය කරනු ලැබීය.

ඔහු පෙන්වා දුන්නේ මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි කඩ සාප්පු 113ක් ඉකුත් දෙසැම්බර් 31 වනවිට රුපියල් මිලියන 12කට අධික හිඟ කුලී මුදල් ගෙවා නොමැති බවය.

එමෙන්ම කඩකාමර 2ක් රුපියල් 100කටත් වඩා අඩු මුදලකටද, තවත් කඩකාමර 37ක් රුපියල් 100ත් 1,000ත් අතර කුලියකටද ලබා දී ඇති බවත් පැවසීය.

තවත් කඩකාමර 38ක් රුපියල් 1,000ත් 5,000ත් අතර කුලී පදනමකට ලබා දී ඇති අතර, ඉන් කඩකාමර 52ක බදු ගිවිසුම් කාලය අවසන් වී වසර 1 සිට 35 දක්වා දීර්ඝ කාලයක් ගත වී ඇති බවත් පෙන්වා දුන්නේය.

මීට පිළිතුරු දෙමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහකාර සාමාන්‍යාධිකාරී අජිත් නන්දන කුමාර මහතා සඳහන් කළේ, මෙම කඩ කුලී හිමියන් 1980 දශකයේදී ගිවිසුම්ගත වූවන් බවයි.

කෙසේ වෙතත්, අදාළ ගිවිසුම් වහාම සංශෝධනය කිරීමට හා යාවත්කාලීන කිරීමට මේ වන විට උපදෙස් ලබා දී ඇති බවද ඔහු පැවසීය.

"නිවාස අධිකාරිය වසරේ දින 365ම කරලා තියෙන්නේ ඉඩම් දන්සල් දීමක්. මෙය මහා අපරාධයක්..." යනුවෙන් මේ සඳහා එක්ව සිට ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පැවසීය.

බදු ගිවිසුම් මෙලෙස යාවත්කාලීන නොවීමට බලපෑ හේතු පැහැදිලි කරමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික අනුරාධ කිරලවැල්ල මහතා කියා සිටියේ, මෙහි සම්පූර්ණ වරද නිලධාරීන් පිට පැටවිය නොහැකි බවය.

ඒ සඳහා ප්‍රධාන හේතු 3ක් බලපා ඇති බව ඔහු පෙන්වා දුන්නේය. දේශපාලන බලපෑම්, පාතාල කල්ලිවලින් එල්ල වූ තර්ජන, ඇතැම් දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් ඇති බව පැවසීය.

මෙලෙස වංචනික ලෙස කටයුතු කළ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ සේවය මේ වන විටත් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවද අනුරාධ කිරලවැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව