header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
COPE කමිටුවෙන් එළියට ආ පාතාලයේ තර්ජන
Jul 10, 202602:19 PM
COPE කමිටුවෙන් එළියට ආ පාතාලයේ තර්ජන
Mobitel 1278

දේශපාලන බලපෑම්, පාතාල තර්ජන සහ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් පසුගිය සමයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට විශාල මුදලක් අහිමි වී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය වී තිබේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා, කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි කඩකාමරවල බදු ගිවිසුම් යාවත්කාලීන නොකිරීම සහ වාහන නැවැත්වීමේ අංගනවල ආදායම් රැස්කිරීම පිළිබඳව කරුණු විමසූ අවස්ථාවේදී මෙම තොරතුරු හෙළි විය.

මෙහිදී කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා විසින් කරුණු රැසක් අනාවරණය කරනු ලැබීය.

ඔහු පෙන්වා දුන්නේ මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි කඩ සාප්පු 113ක් ඉකුත් දෙසැම්බර් 31 වනවිට රුපියල් මිලියන 12කට අධික හිඟ කුලී මුදල් ගෙවා නොමැති බවය.

එමෙන්ම කඩකාමර 2ක් රුපියල් 100කටත් වඩා අඩු මුදලකටද, තවත් කඩකාමර 37ක් රුපියල් 100ත් 1,000ත් අතර කුලියකටද ලබා දී ඇති බවත් පැවසීය.

තවත් කඩකාමර 38ක් රුපියල් 1,000ත් 5,000ත් අතර කුලී පදනමකට ලබා දී ඇති අතර, ඉන් කඩකාමර 52ක බදු ගිවිසුම් කාලය අවසන් වී වසර 1 සිට 35 දක්වා දීර්ඝ කාලයක් ගත වී ඇති බවත් පෙන්වා දුන්නේය.

මීට පිළිතුරු දෙමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහකාර සාමාන්‍යාධිකාරී අජිත් නන්දන කුමාර මහතා සඳහන් කළේ, මෙම කඩ කුලී හිමියන් 1980 දශකයේදී ගිවිසුම්ගත වූවන් බවයි.

කෙසේ වෙතත්, අදාළ ගිවිසුම් වහාම සංශෝධනය කිරීමට හා යාවත්කාලීන කිරීමට මේ වන විට උපදෙස් ලබා දී ඇති බවද ඔහු පැවසීය.

"නිවාස අධිකාරිය වසරේ දින 365ම කරලා තියෙන්නේ ඉඩම් දන්සල් දීමක්. මෙය මහා අපරාධයක්..." යනුවෙන් මේ සඳහා එක්ව සිට ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පැවසීය.

බදු ගිවිසුම් මෙලෙස යාවත්කාලීන නොවීමට බලපෑ හේතු පැහැදිලි කරමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික අනුරාධ කිරලවැල්ල මහතා කියා සිටියේ, මෙහි සම්පූර්ණ වරද නිලධාරීන් පිට පැටවිය නොහැකි බවය.

ඒ සඳහා ප්‍රධාන හේතු 3ක් බලපා ඇති බව ඔහු පෙන්වා දුන්නේය. දේශපාලන බලපෑම්, පාතාල කල්ලිවලින් එල්ල වූ තර්ජන, ඇතැම් දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් ඇති බව පැවසීය.

මෙලෙස වංචනික ලෙස කටයුතු කළ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ සේවය මේ වන විටත් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවද අනුරාධ කිරලවැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana