header logo
SLIC
උණුසුම් පුවත්
ගුරුවරුන් සඳහා ආයෝජනය කිරීම රටක් කරන වටිනාම ආයෝජනයක් - අගමැති
Jul 09, 202610:01 PM
ගුරුවරුන් සඳහා ආයෝජනය කිරීම රටක් කරන වටිනාම ආයෝජනයක් - අගමැති
Mobitel 1278

ගුරුවරුන් සඳහා ආයෝජනය කිරීම රටක් විසින් සිදුකරන ඉතාම වටිනා ආයෝජනයක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

අද (09) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති ජාතික අධ්‍යාපන ආයතනයේ 2026 උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.

ජූලි 7, 8 සහ 9 යන තෙදින පුරා පැවති මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී ජාතික අධ්‍යාපන ආයතනය මගින් පිරිනමන උපාධි පාඨමාලා සාර්ථකව සම්පූර්ණ කළ වෘත්තිකයන්ට උපාධි ප්‍රදානය කෙරිණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, අධ්‍යාපනය තුළින් පුද්ගලයන් ස්වාධීනව සිතීමට, තමන් වටා ඇති ලෝකය තේරුම් ගැනීමට, සමාජ අසාධාරණයන්ට එරෙහිව ප්‍රශ්න කිරීමට, විවිධත්වයට ගරු කිරීමට සහ සමාජයේ ක්‍රියාකාරී පුරවැසියන් ලෙස කටයුතු කිරීමට හැකි පරිදි නව පරපුර සවිබල ගැන්විය යුතු බවයි.

උපාධි ප්‍රදානෝත්සවයක් පුද්ගල ජයග්‍රහණ සැමරීමකට පමණක් සීමා නොවී, අධ්‍යාපනයේ අරමුණ සහ එමඟින් සමාජයට පැවරෙන වගකීම් පිළිබඳ නැවත සිතා බැලීමේ අවස්ථාවක් බවද ඇය සඳහන් කළාය.

ජාතික අධ්‍යාපන ආයතනය දශක ගණනාවක් පුරා විෂයමාලා සංවර්ධනය, ගුරු අධ්‍යාපනය, අධ්‍යාපනික පර්යේෂණ සහ වෘත්තීය සංවර්ධනය යන ක්ෂේත්‍රවල ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ අනාගතය හැඩගැස්වීමේ සුවිශේෂී ආයතනයක් බවද ඇය පෙන්වා දුන්නාය.

වෙනස් වන ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීමේදී විවේචනාත්මක චින්තනය, ඩිජිටල් දැනුම, නිර්මාණශීලීත්වය, සහයෝගීතාව සහ ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

එමෙන්ම සමාජ විෂමතා අවම කරන අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීමේදී ගුරුවරුන්ගේ කාර්යභාරය අතිශය වැදගත් බව පෙන්වා දුන් ඇය, දරුවන්ගේ ආත්ම විශ්වාසය, සමානාත්මතාව, ගෞරවය සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වර්ධනය කිරීමේ බලය ගුරුවරුන් සතුව පවතින බව සඳහන් කළාය.

ඒ අනුව ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම රටේ අනාගතය වෙනුවෙන් සිදුකරන වටිනාම ආයෝජනයක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, දිගින් දිගටම ඉගෙනීමට, පර්යේෂණ කිරීමට සහ වෙනස්කම්වලට අනුව හැඩගැසීමට සූදානම් ගුරුවරුන් රටට අවශ්‍ය බවද කියා සිටියාය.

අද උපාධි ලබන පිරිස අධ්‍යාපනය තුළින් තම පෞද්ගලික දියුණුව පමණක් නොව සමාජයට දායක වන වගකීමක් ද භාරගන්නා බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, සෑම දරුවෙකුටම තම උපරිම හැකියාවන් කරා ළඟා විය හැකි අනාගතයක් ගොඩනැගීම සියලු දෙනාගේම සාමූහික වගකීම බවද අවධාරණය කළාය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව