header logo
SLIC
උණුසුම් පුවත්
කතරගම එන බැතිමතුන්ට මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ ඉල්ලීමක්
Jul 09, 202609:12 PM
කතරගම එන බැතිමතුන්ට මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ ඉල්ලීමක්
Mobitel 1278

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මහෝත්සවයට සහ වන්දනාමාන කටයුතු සඳහා පැමිණෙන බැතිමතුන් වගකීමෙන් යුතුව කසළ නිසි පරිදි බැහැර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී.

මෙවර රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර ජූලි 15 වැනිදා සිට ජූලි 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

සාමාන්‍යයෙන් ඇසළ උත්සව සමයේදී බැතිමතුන් ලක්ෂ 25කට අධික පිරිසක් කතරගමට පැමිණෙන අතර, එම කාලය තුළ කතරගම පූජා නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආශ්‍රිත ප්‍රදේශවල දිනකට ඝන අපද්‍රව්‍ය ටොන් 75ක පමණ ප්‍රමාණයක් එක්රැස් වන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක කළ ජනතාව දැනුවත් කිරීමේ සහ කසළ කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් එක්රැස් වන කසළ ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කිරීමට හැකි වී ඇති බවද එම අධිකාරිය පෙන්වා දෙයි.

මෙවර ද මධ්‍යම පරිසර අධිකාරිය, මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කතරගම ප්‍රාදේශීය සභාව, කිරිවෙහෙර රජමහා විහාරය සහ කතරගම පෙරහැර කමිටුව එක්ව පරිසර දූෂණය අවම කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.

ඒ අනුව පූජා භූමියට පිවිසෙන ප්‍රධාන පිවිසුම්වලදී පොලිතීන් මලු වෙනුවට පරිසර හිතකාමී ආදේශක මලු ලබාදීම, බස් රථ තුළ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, වීදි නාට්‍ය ඇතුළු නිර්මාණාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, 2026 ජූලි 22 වැනිදා ශ්‍රමදාන වැඩසටහනක් සංවිධානය කිරීම, ප්ලාස්ටික් බෝතල් එක්රැස් කිරීම සඳහා විශේෂ කසළ රඳවන ස්ථාන ස්ථාපිත කිරීම සහ කසළ බැහැර කිරීම සඳහා පහසුකම් සැපයීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

එමෙන්ම පාද යාත්‍රා මාර්ගය ඔස්සේ ගමන් කරන බැතිමතුන් සඳහා ද කසළ බැහැර කිරීමේ පහසුකම් සලසා ඇති අතර, උත්සවය අවසන් වූ පසු පූජා භූමිය පිරිසිදු කිරීම, කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ නිසි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබේ.

කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආශ්‍රිත ප්‍රදේශ අවිධිමත් කසළ බැහැර කිරීමෙන් දූෂණය වීම වැළැක්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවිශේෂී ජල දේහයක් වන මැණික් ගඟට කසළ බැහැර නොකිරීම, ඒ සඳහා වෙන්කර ඇති ස්ථානවලට පමණක් කසළ බැහැර කිරීම, කසළ ජනනය අවම කිරීම සහ විශේෂයෙන් ප්ලාස්ටික් භාවිතය හැකිතාක් සීමා කරමින් පරිසර හිතකාමී අයුරින් කතරගම ඇසළ මහෝත්සවයට සහභාගි වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව