header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කතරගම එන බැතිමතුන්ට මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ ඉල්ලීමක්
Jul 09, 202609:12 PM
කතරගම එන බැතිමතුන්ට මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ ඉල්ලීමක්
Mobitel 1278

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මහෝත්සවයට සහ වන්දනාමාන කටයුතු සඳහා පැමිණෙන බැතිමතුන් වගකීමෙන් යුතුව කසළ නිසි පරිදි බැහැර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී.

මෙවර රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර ජූලි 15 වැනිදා සිට ජූලි 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

සාමාන්‍යයෙන් ඇසළ උත්සව සමයේදී බැතිමතුන් ලක්ෂ 25කට අධික පිරිසක් කතරගමට පැමිණෙන අතර, එම කාලය තුළ කතරගම පූජා නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආශ්‍රිත ප්‍රදේශවල දිනකට ඝන අපද්‍රව්‍ය ටොන් 75ක පමණ ප්‍රමාණයක් එක්රැස් වන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක කළ ජනතාව දැනුවත් කිරීමේ සහ කසළ කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් එක්රැස් වන කසළ ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කිරීමට හැකි වී ඇති බවද එම අධිකාරිය පෙන්වා දෙයි.

මෙවර ද මධ්‍යම පරිසර අධිකාරිය, මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කතරගම ප්‍රාදේශීය සභාව, කිරිවෙහෙර රජමහා විහාරය සහ කතරගම පෙරහැර කමිටුව එක්ව පරිසර දූෂණය අවම කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.

ඒ අනුව පූජා භූමියට පිවිසෙන ප්‍රධාන පිවිසුම්වලදී පොලිතීන් මලු වෙනුවට පරිසර හිතකාමී ආදේශක මලු ලබාදීම, බස් රථ තුළ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, වීදි නාට්‍ය ඇතුළු නිර්මාණාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, 2026 ජූලි 22 වැනිදා ශ්‍රමදාන වැඩසටහනක් සංවිධානය කිරීම, ප්ලාස්ටික් බෝතල් එක්රැස් කිරීම සඳහා විශේෂ කසළ රඳවන ස්ථාන ස්ථාපිත කිරීම සහ කසළ බැහැර කිරීම සඳහා පහසුකම් සැපයීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

එමෙන්ම පාද යාත්‍රා මාර්ගය ඔස්සේ ගමන් කරන බැතිමතුන් සඳහා ද කසළ බැහැර කිරීමේ පහසුකම් සලසා ඇති අතර, උත්සවය අවසන් වූ පසු පූජා භූමිය පිරිසිදු කිරීම, කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ නිසි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබේ.

කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආශ්‍රිත ප්‍රදේශ අවිධිමත් කසළ බැහැර කිරීමෙන් දූෂණය වීම වැළැක්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවිශේෂී ජල දේහයක් වන මැණික් ගඟට කසළ බැහැර නොකිරීම, ඒ සඳහා වෙන්කර ඇති ස්ථානවලට පමණක් කසළ බැහැර කිරීම, කසළ ජනනය අවම කිරීම සහ විශේෂයෙන් ප්ලාස්ටික් භාවිතය හැකිතාක් සීමා කරමින් පරිසර හිතකාමී අයුරින් කතරගම ඇසළ මහෝත්සවයට සහභාගි වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana