header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
චාමිකගේ සුපිරි ඉනිමෙන් නොතිබූ ජයක් ශ්‍රී ලංකාවට
Jul 09, 202606:50 PM
චාමිකගේ සුපිරි ඉනිමෙන් නොතිබූ ජයක් ශ්‍රී ලංකාවට
Mobitel 1278

චාමික හීනටිගලගේ අතිවිශිෂ්ට පිතිකරණ දක්ෂතා හේතුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තීරණාත්මක තරගය ජයගැනීමත් සමග, තරග 3කින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමටද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකිවිය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ ලකුණු 290ක් රැස් කළේ ශ්‍රී ලංකාවට ලකුණු 291ක ඉලක්කයක් භාර දෙමිනි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු එක පිට එක බිඳ වැටෙමින්, තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යමින් පැවති මොහොතක, 7 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි චාමික හීනටිගල තරගයේ ඉරණම වෙනස් කළේය.

ඔහුගේ මෙම සුපිරි ඉනිම හේතුවෙන් කඩුලු 9ක් දැවී අතිශය අසීරු තත්ත්වයක් දක්වා ඇදී ගිය තරගය, අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය.

එහිදී චාමික හීනටිගල නොදැවී ලකුණු 84ක් රැස්කළේය.

පන්දු 68ක් පමණක් වැය වූ ඔහුගේ මෙම ප්‍රහාරාත්මක ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

චාමිකගේ මෙම ඉනිමට ශක්තියක් දුන් සෙනුජ වැකුණගොඩ දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 67ක් රැස් කළේය.

ඊට අමතරව කෙත්ම විතානපතිරණ වටිනා ලකුණු 31ක් ලබා ගනිමින් ජයග්‍රහණය සඳහා මාවත සකස් කළහ.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana