header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
දිස්ත්‍රික් ලේකම් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්
Jul 09, 202604:18 PM
දිස්ත්‍රික් ලේකම් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්
Mobitel 1278

අවශ්‍යතාව සලකා බලමින් හමුදා කඳවුරු භාරයේ පවතින ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම මෙන්ම ආයෝජන සඳහා සුදුසු විශාල ඉඩම් ලබාදීමට රජයේ අවධානය යොමුව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (09) පෙරවරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් ලේකම් සමුළුවට එක්වෙමිනි.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී හඳුනාගන්නා හදිසි පාලම්, මාර්ග සහ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ වැනි ව්‍යාපෘති මධ්‍යම රජයේ අනුමැතිය ලැබෙන තෙක් ප්‍රමාද නොකර දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මුදල් සංචිතයක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනතාවගේ මූලික අවශ්‍යතා කඩිනමින් ඉටු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව අවධාරණය කළ ජනාධිපතිවරයා, මහජන සේවා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කිරීම, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ දිස්ත්‍රික් මට්ටමේ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ බව සඳහන් කළේය.

එහිදී දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය, දිස්ත්‍රික් මට්ටමේ ගැටලු හඳුනාගෙන ඒවාට ප්‍රායෝගික විසඳුම් ලබාදීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

අධි අවදානම් ප්‍රදේශවල නැවත පදිංචි වීමට ඉඩ නොදීමත්, එවැනි ප්‍රදේශ සඳහා විදුලිය සහ ජලය වැනි මූලික පහසුකම් අනුමත නොකිරීමත් සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් පියවර ගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මධ්‍යම කඳුකරයේ සංවේදී භූමි ප්‍රදේශ කළමනාකරණය කිරීම සඳහා විශේෂ බලතල සහිත අධිකාරියක් පිහිටුවීමේ පනත් කෙටුම්පත මේ වන විට සකස් කර ඇති අතර, ලබන වසරේදී එහි කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් විය.

යුද්ධයෙන් අවතැන් වූ ජනතාවගේ නිවාස ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීම රජයේ ප්‍රමුඛතාවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ලබන වසර තුළ එවැනි පවුල් 13,000ක් යළි පදිංචි කිරීමට සැලසුම් කර ඇති බව ද ප්‍රකාශ කළේය.

එමෙන්ම ගංවතුර හා නායයෑම්වලට නිරන්තරයෙන් ගොදුරු වන ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත නිවාස වෙත ක්‍රමානුකූලව යොමු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.

අතරමඟ නතර වූ නිවාස ව්‍යාපෘති පිළිබඳ කඩිනම් සමීක්ෂණයක් සිදුකර ජනතාවට අවශ්‍ය ව්‍යාපෘති පමණක් තෝරාගෙන ඒවා සම්පූර්ණ කිරීම සඳහා නිවාස ආධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද රජයේ අවධානය යොමුව ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

තවද, නිවාස හා අනෙකුත් ඉදිකිරීම් විධිමත් සැලැස්මක් යටතේ සිදුකිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, දකුණු පළාතේ අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවත්, උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු සැලසුම් සහගතව සිදු කළ යුතු බවත් සඳහන් කළේය.

වගා කටයුතු සඳහා ඉඩම් ලබාදීමේදී වන සංරක්ෂණ හා වනජීවී කලාප ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගුණාත්මක රාජ්‍ය සේවාවක් සඳහා රාජ්‍ය අංශයේ පුළුල් ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, කාර්යක්ෂමතාවයෙන් තොර ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කර ඇති බවත්, සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල පුරප්පාඩු පිරවීමට කටයුතු කර ඇති බවත් සඳහන් කළේය.

බන්ධනාගාර තදබදයට හේතුවක් වී ඇති රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීමේ ගැටලුව විසඳීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු කඩිනමින් පිරවීමට ද පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම සමුළුවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න, නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අමාත්‍යාංශ ලේකම්වරු, සියලු දිස්ත්‍රික් ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana