header logo
SLIC
උණුසුම් පුවත්
දිස්ත්‍රික් ලේකම් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්
Jul 09, 202604:18 PM
දිස්ත්‍රික් ලේකම් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්
Mobitel 1278

අවශ්‍යතාව සලකා බලමින් හමුදා කඳවුරු භාරයේ පවතින ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම මෙන්ම ආයෝජන සඳහා සුදුසු විශාල ඉඩම් ලබාදීමට රජයේ අවධානය යොමුව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (09) පෙරවරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් ලේකම් සමුළුවට එක්වෙමිනි.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී හඳුනාගන්නා හදිසි පාලම්, මාර්ග සහ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ වැනි ව්‍යාපෘති මධ්‍යම රජයේ අනුමැතිය ලැබෙන තෙක් ප්‍රමාද නොකර දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මුදල් සංචිතයක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනතාවගේ මූලික අවශ්‍යතා කඩිනමින් ඉටු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව අවධාරණය කළ ජනාධිපතිවරයා, මහජන සේවා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කිරීම, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ දිස්ත්‍රික් මට්ටමේ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ බව සඳහන් කළේය.

එහිදී දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය, දිස්ත්‍රික් මට්ටමේ ගැටලු හඳුනාගෙන ඒවාට ප්‍රායෝගික විසඳුම් ලබාදීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

අධි අවදානම් ප්‍රදේශවල නැවත පදිංචි වීමට ඉඩ නොදීමත්, එවැනි ප්‍රදේශ සඳහා විදුලිය සහ ජලය වැනි මූලික පහසුකම් අනුමත නොකිරීමත් සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් පියවර ගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මධ්‍යම කඳුකරයේ සංවේදී භූමි ප්‍රදේශ කළමනාකරණය කිරීම සඳහා විශේෂ බලතල සහිත අධිකාරියක් පිහිටුවීමේ පනත් කෙටුම්පත මේ වන විට සකස් කර ඇති අතර, ලබන වසරේදී එහි කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් විය.

යුද්ධයෙන් අවතැන් වූ ජනතාවගේ නිවාස ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීම රජයේ ප්‍රමුඛතාවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ලබන වසර තුළ එවැනි පවුල් 13,000ක් යළි පදිංචි කිරීමට සැලසුම් කර ඇති බව ද ප්‍රකාශ කළේය.

එමෙන්ම ගංවතුර හා නායයෑම්වලට නිරන්තරයෙන් ගොදුරු වන ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත නිවාස වෙත ක්‍රමානුකූලව යොමු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.

අතරමඟ නතර වූ නිවාස ව්‍යාපෘති පිළිබඳ කඩිනම් සමීක්ෂණයක් සිදුකර ජනතාවට අවශ්‍ය ව්‍යාපෘති පමණක් තෝරාගෙන ඒවා සම්පූර්ණ කිරීම සඳහා නිවාස ආධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද රජයේ අවධානය යොමුව ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

තවද, නිවාස හා අනෙකුත් ඉදිකිරීම් විධිමත් සැලැස්මක් යටතේ සිදුකිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, දකුණු පළාතේ අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවත්, උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු සැලසුම් සහගතව සිදු කළ යුතු බවත් සඳහන් කළේය.

වගා කටයුතු සඳහා ඉඩම් ලබාදීමේදී වන සංරක්ෂණ හා වනජීවී කලාප ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගුණාත්මක රාජ්‍ය සේවාවක් සඳහා රාජ්‍ය අංශයේ පුළුල් ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, කාර්යක්ෂමතාවයෙන් තොර ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කර ඇති බවත්, සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල පුරප්පාඩු පිරවීමට කටයුතු කර ඇති බවත් සඳහන් කළේය.

බන්ධනාගාර තදබදයට හේතුවක් වී ඇති රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීමේ ගැටලුව විසඳීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු කඩිනමින් පිරවීමට ද පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම සමුළුවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න, නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අමාත්‍යාංශ ලේකම්වරු, සියලු දිස්ත්‍රික් ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව