header logo
SLIC
උණුසුම් පුවත්
'බාවි' සුළි කුණාටුව තායිවානය දෙසට - කිලෝමීටර 1,000ක් තරම් විශාල වට ප්‍රමාණයක්
Jul 09, 202609:42 AM
'බාවි' සුළි කුණාටුව තායිවානය දෙසට - කිලෝමීටර 1,000ක් තරම් විශාල වට ප්‍රමාණයක්
Mobitel 1278

පැයට කිලෝමීටර 200ක පමණ ප්‍රබල වේගයක් සහිතව ශාන්තිකර සාගරයේ වර්ධනය වූ 'බාවි' සුළි කුණාටුව තායිවානය දෙසට ගමන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2024 වසරෙන් පසු ආසියා-පැසිෆික් කලාපයට බලපාන ප්‍රබලම සුළි කුණාටුව මෙය විය හැකි බැවින් සූදානම් වන ලෙස බලධාරීන් ජනතාවට දන්වා ඇත.

චීන ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසා ඇත්තේ කිලෝමීටර 1,000ක් පමණ තරම් විශාල වට ප්‍රමාණයකින් යුත් මෙම කුණාටුව, එළැඹෙන සෙනසුරාදා සවස චීනයේ නැගෙනහිර ෆුජියෑන් පළාතට ඇතුළු වීමට පෙර උතුරු තායිවානය ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තායිවානයේ කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ, 'බාවි' යනු 1987 වසරෙන් පසු තායිවානයට බලපාන විශාලතම කුණාටුව වන අතර මෑත වසරවලදී මෙතරම් විශාල කුණාටු දැකගත හැක්කේ ඉතා කලාතුරකින් බවය.

දේශගුණික විපර්යාස හේතුවෙන් චීනය, ජපානය සහ තායිවානය මෙවැනි විනාශකාරී කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇත.

විශේෂයෙන්ම මේ වසරේ පවතින 'එල් නිනෝ' තත්ත්වය හේතුවෙන් සාගර උෂ්ණත්වය ඉහළ යාම මෙවැනි දරුණු සුළි කුණාටු නිතර ඇති වීමට හේතු වී තිබේ.

තායිවාන ජනාධිපති ලායි චින්ග්-ටේ ෆේස්බුක් පණිවුඩයක් නිකුත් කරමින්, දින තුනකට අවශ්‍ය ආහාර, විදුලි පන්දම් ඇතුළු හදිසි ආපදා බෑගයක් (Emergency grab bag) සූදානම් කර තබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇත.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් ඔකිනාවා දූපත් වැසියන්ට දැඩි සුළං, නායයෑම්, ගංවතුර සහ මුහුදු රළ ගොඩගැලීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස දන්වා තිබේ.

ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ නිවර්තන සුළි කුණාටු පිළිබඳ පර්යේෂක ෂියැන්ග්බෝ ෆෙන්ග් පවසන්නේ, මෙම කුණාටුව සාගරයේ වැඩි කාලයක් රැඳෙමින් උණුසුම් මුහුදු ජලයෙන් විශාල ශක්තියක් සහ තෙතමනයක් ලබාගෙන ඇති බැවින්, එය ගොඩබිමට කඩා වදින විට සිදුවන විනාශය අතිමහත් (Catastrophic) විය හැකි බවයි.

කුණාටු ගමන් මඟෙහි සිදුවන සුළු වෙනසකින් වුවද විශාල විනාශයක් සිදුවිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව